" ඔව් පුතේ වැඩ ඇරලා ආව ගමන් පස්ස උඩදාන් නිදි... මම හිතුවෙ මේ ළමයා දැන්වත් ඒ පුරුද්ද අතඇරලා කියලා.... ඔයාට කියන්න ඉස්සර ඉස්කෝලේ ගිහින් ආව ගමනුත් ඔහොම තමා.. යට ඇදුම් පිටින් ඇදට වැටෙනවා. හරිම හඩුයි අනේ.... "
ඔෆිස් එකේ ඉදන් ආවගමන් ඇදට වැටුන සහීම ඇහැරුනේ අම්මා කාට හරි එයාගෙ චරිත සහතිකෙ දෙනවා ඇහිලා. එක්සෑම් පටන් අරන් නිසා එයාලට නිවාඩු. තාත්තත් මේ පාර ශාලා අධීක්ෂණයට යන්නැති නිසා මේ දවස් ටිකේ කොලඹ ඉන්නවා කියලා තමයි ඔය ඇවිත් ඉන්නේ.. ෆෝන් එක අතට අරන් වෙලාව බලද්දි තමා සහීම දැක්කේ වෙලාව රෑ හතත් වෙලා කියලා. මේ වෙලාවෙ මොකාද යකෝ එන්නෙ කිකියා හිත හිත ඇගේ හිරිත් කඩලා ඇදන් උන්නු ඇදුම පිටින්ම කොන්ඩෙත් හද හද සහීම සාලෙට ගියා..
" ඔය ඔය බලන්න පුතා මම බොරුද කියන්නෙ කියලා.. ඇවිල්ලා පැය දෙකක් විතර වෙනවා. තාම ඒ ඇදුම් පිටින්... "
අම්මා මොන ඇදුම් ඇදන් ඉන්නවා කියලා බැන්නත් මේ වෙද්දි සහීමගෙ ඇදුම් ලෙප්ට් වෙලා ඉවරයි. අම්මගෙයි නැන්දගෙයි මැදට වෙලා දත් තිස් දෙකම එලියට දාන් හිනාවෙවී ඉන්න හේෂ් දැකලා සහීමට විලි නැතුව ගියා.. මොකද සහීමගෙ පොර ටෝක් එක නිකන් එයා තරම් පිරිසිදු ළමයෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයේවත් නැති ගානටනේ. හැමදාම නාලා කරලා පිරිසිදුව ඉන්නවා තමයි. ඒත් ඉතිං කම්මැලිකම වැඩීනෙ මේ දරුවගෙ..
" ආ ඒවා ඇරිලා යයි අම්මා. මම ඒවා හදලා ගන්නම්කෝ...... "
" ක්ක්හ්.. ක්ක්හ් . "
නැන්දටයි සහීමටයි දෙන්නටම කැස්සක් එද්දි ගීතිකාට ඒක නොතේරුනත් කම්පියුස් උන්ගා බුන්ගා හිනාවක් දැම්මා... හැබැයි සහීමට හිතාගන්න බැරුව ගියේ නැන්දා කැස්සෙ මොකද කියන එක..
හේෂුත් සිරිත්මල්දමේ සිරිමත් වගේ අම්මටයි නැන්දටයි සිරික්කිය දදා සහීම දිහත් හොරෙන් බල බල හිටියා..
" සහීම ගිහින් නාගෙන එන්නකො... මම තේ හදනකන්. මේ ළමයටත් කම්මැලි ඇති මාමයි තාත්තයි එලියට ගියා තාම නෑනෙ. මොකො අපි දෙන්නා එක්ක මේ දරුවා මොනවා කතා කරන්නද...... ඉක්මන් කරන්න "
YOU ARE READING
Default Title - අයිස් කොෆී 🧋🧋 ( Complete Bl Story ✔️✔️ )
Romanceඑයාව වෙනස් කරන්න සහීමට පුලුවන් වෙයිද ?