07

1.5K 217 30
                                    

උදේම නැගිට්ට සහීම ඉක්මන් කරලා ලෑස්ති උනේ උදේ 8.00 වෙනකොට එයාලට BMICH  එක ලගට එන්න කියලා කැම්පස් එකෙන් කිව්ව නිසා.. සහීම නැගිටිනකොට අම්මයි තාත්තයි නැන්දයි ලෑස්ති වෙනගමන් හිටියෙ. ග්‍රැජුවේශන් එකට මාමටනම් එන්න වෙන්නැත්තෙ එයා වැඩකට නුවරඑළියේ ගිය නිසා..

කලු කලිසමයි සුදු අත්දිග ශර්ට් එකයි නිල් පාට ටයි එකයි දාපු සහීමගෙ වෙනදට වඩා හැන්ඩ්සම් ලුක් එකක් තිබ්බා.... නැන්දලා ගෙදර ඉදන් විනාඩි කීපයක දුරක් තිබ්බත් සහීමගේ තාත්තට  වෙලාවට වැඩකරන ලෙඩේ තියෙන  නිසා උදේ 7.30 වෙද්දි හැමෝම කාර් එකට ගොඩ වෙලා හිටියා...

බීප්....... බීප්.....

කාර් එකේ වාඩි වෙලා සීට් බෙල්ට් එක දානගමන් හිටිය සහීමට ෆෝන් එක වයිබ්‍රේට් වෙනවා දැනුනා... උදේම මනූකයා වෙනදා ගන්න කෝල් එක නැති නිසා මැසේජ් එක දාන්න ඇත්තෙ එයා වෙන්න ඇති කියලා හිතලා ෆෝන් එක ගත්ත සහීමට නොටිෆිකේෂ්න් එක දැක්කමනම් කටත් ඇරුනා.....

💬... congratulations , Have a great day..

මෙච්චර දවසකට ඇවිත් නැති හැබැයි සහීම  මැසේජ් එකක් බලාපොරොත්තුවෙන් හිටිය කෙනා සහීමට සුභපතලා මැසේජ් එකක් දාලා. ඒත් හේෂ් කොහොමද අද දවස ගැන දන්නේ.... සහීමට ඒකට රිප්ලයි කරන්නත් කලින් ආව ලොකුම ප්‍රශ්නෙ ඒක.

💬... Thank u hesh aiya , but oya kohomada danne ada ape graduation eka kiyala

ඉතිං සහීමට ආව ලොකුම ප්‍රශ්නෙ මුලින්ම ඇහුවා..

💬... ah , ape nangi udema manukata cl karanawa mata ahuna. Ithin mn danna vidihat oyath ada graduate wenawa.ithin ekai mn oyatath wish kale

💬.. aaa eka misak. Ane tnq aiya.

ඉතිං එච්චරයි.. ඒ මැසේජ් එක සීන් කලාට සහීමට ආයෙ රිප්ලයි එකක්නම් ආවෙ නෑ. හැබැයි මොකක්ද මංදා හේතුවකට සහීමට ඒ මැසේජ් දෙක තුන පුදුම විදිහට සතුටක් ගෙනවා.. එතකොට තමා සහීමට මතක් උනේ උදේ හේසු ගත්ත කෝල් එක මිස් වෙලා තිබ්බා නේද කියලා.. සහීම කලේ යනගමන් හේසුට ගත්ත එක. හේසුට උදේ එන්න වෙන්නැති නිසා හවස කැෆේ එකක සෙට් වෙමු කියලා ප්‍රොමිස් වෙලා කෝල් එක කට් කරද්දි BMICH එකේ එන්ට්‍රන්ස් එක ලගටත් කට්ටිය ඇවිත් හිටියා..

Default Title -  අයිස් කොෆී 🧋🧋   ( Complete Bl Story ✔️✔️ )Where stories live. Discover now