36 🧋

828 124 14
                                    

" ඈ බං හේසු උඹට මතකද ඉස්සර හේෂ් අයියා ඌව අල්ලනවා තියා ඌ දිහා විනාඩියක් මොකෙක් හරි බලන් හිටියත් මල පන්නගන්නවා ...... "

" අම්මෝ මට මොකෝ බං අමතක... මතකද එක පාරක් අපි අනුරාධපුරේ ගිහින් ශ්‍රී මහා බෝධියේදි කෙල්ලෙක් මෙයාගෙ ඇගේ වැදුනා කියලා ඒ කෙල්ලට බැනපු විදිහ "

" සිරාවට යකෝ මේ යකා ඉස්සර මා එක්කවත් හරියට කතා කරන්නෑනෙ............"

කෑම මේසේ වාඩි වෙලා මනූකයි හේසුයි හේෂ්ට කින්ඩි දාද්දි හේෂ් මනූක දිහා රවලා බැලුවේ සහීම හිනා වෙවී අර දෙන්නගෙ කතා අහද්දි.

" හහ් දැන් කියලත් වෙනසක් නෑ.. මම කැමති නෑ තමා කවුරුත් මාව අල්ලනවට "

ඒ පාරනම් අර දෙන්නගෙ කතා වලට හිනා වෙවී හිටිය සහීම එයාගෙ කණ්නාඩිය අස්සෙන් ඇස් දෙකත් බෝල කරලා හේෂ් දිහා බලද්දි හේෂ් සහීමට ඇහැකුත් ගහලා හිනා උනා..

" පුහ්... එහෙනම් මෙච්චර වෙලා වෙලිලා හිටියේ.... ක්ක්හ්.. ක්‍රැහ්හ්.. ක්ක් "

හේසු කියන්න ගිය එක ගිල ගත්තේ සුපිපි කෑම මේසෙට එනවා දැකපු නිසා..

" මොකද හේසු කරන්නෙ. කොච්චර කියනවද කෑම කද්දි කියවන්න එපා කියලා. කොහෙද ඉතිං........ අහ් අනික තමා ඔයාලා කියව කියව හිටිය එක නැවැත්තුවේ මම එනවා දැකලා වෙන්න ඇති.... හහ් . හහ්... මං හිටියට කමක්නෑ කියන්න අනේ "

සුපිපි ඒක කිව්වෙ සහීම දිහා බලාගෙන හිනාවක් මූණ පුරා පුරවගෙන වෙද්දි සහීමගෙ කටත් ඇරුන නිසා සුපිපිගෙන් මූණ අහකට අරන් හේසු දිහා බලලා රවද්දි හේසු ඇස් හීනි කරලා හිනා වෙලා බත් එකේ තිබ්බ චිකන් කෑල්ලක් කටේ දාගත්තා...

" සහීම පුතා ඉතිං..... වැඩ ටික කරගෙන යනවා නේද.. අපේ ලොකු පුතා එක්ක වැඩ කරන්න අමාරු නෑනේද.... "

සුපිපි එයාගෙ ප්ලේට් එකට බත් බෙදාගන්න ගමන් සහීමගෙන් ඇහුවා.

" අනේ නෑ ආන්ටි. අභීත අයියා මට හෙල්ප් කරනවා වැඩ ටික කරගන්න"

" ම්ම්ම්ම් ඒකනේ එයා හෙල්ප් කරන්න එපෑ.... නැත්තම් ඉතිං ඒ කොල්ලට වසන්න වෙන්නෑනේ    "

සුපිපි ඒ කිව්ව දේටනම් බත් එක දිහා බලන් පිලිකුල් භාවනාව කරන් හිටිය කට්ටියම ඔලුව උස්සලා සුපිපි දිහා බලද්දි සුපිපි කට්ටියටම හිනා උනා.

Default Title -  අයිස් කොෆී 🧋🧋   ( Complete Bl Story ✔️✔️ )Where stories live. Discover now