උදේට කෑම කාලා ආයෙමත් කටියම වෑන් එකට නැග්ගා...
" ඒ බං රාකේෂ් උඹ මෙතනින් වාඩි වෙයන්කෝ.. මට ටිකක් නිදාගන්න ඕනි "
හේෂ් එහෙම කිව්වෙ පිටිපස්සෙම සීට් එකේ වාඩි වෙලා හිටිය හේෂ්ගෙ යාලුවට...
" ම්ම්ම්ම් ඔය ලස්සන නංගිලා කැමති වෙයිද දන්නෑ මම ඔතෙන්ට එනවට "
මයෝන් වගේම කටක් තියෙන රාකේෂ් එහෙම කියාගෙන සීට් එක මාරු කරගද්දි සහීම ඇස් කොනෙන් හේෂ් පිටිපස්සට එන දිහා බලාගෙන හිටියා..
" අනේ අයියා මේ ඔයා ආවට කමක්නෑ මට වද දෙන්නනම් ලෑස්ති වෙන්න එපා හරිද ඔය කෙලවරට වෙලා ඔහොම ඉන්න.. "
එහෙම කියපු හේසු තවත් හොදට හරිබරි ගැහිලා වාඩි උනා...
උදේ 10 විතර වෙනකොට කට්ටිය නල්ලතන්නියට ඇවිත් හිටියා.. සතියෙ මැද දවසක් නිසා ඒ තරම් සෙනගක් නෑ කියලා වෑන් එකෙන් බැස්සහම හැමෝටම හිතුනා.. ඒ විතරක් නෙවේ වැහි කලුවකුත් අහසෙ තියෙන නිසා ලොකු ඉර අවුවකුත් තිබ්බෙ නෑ..
" හරි දැන් මෙතන කවුරුත් කෝඩු නෑනේද.. "
මේ ආපු ගමනෙදි වචන දහයක්වත් කතා කරපු නැති හේෂ්ගෙ තැම්පත් යාලුවා උදුල් එහෙම ඇහුවා.. එහෙම ඇහුවම එතන හිටිය හැමෝම ඔලුව වනලා නෑ කියලා කිව්වෙ හරියට නිකන් ඉස්කෝලෙ ළමයි ටිකක් ට්‍රිප් එකක් ඇවිත් ටීචර් දෙන ලෙක්චර් එක අහන් ඉන්නවා වගේ..
" එහෙනම් දැන් හැමෝම මෙහෙම්මම නගින්න පටන් ගමු මකර තොරණ ලගදි හරි සීත ගගුල ලගදි හරි ඇදුම් මාරු කරගමු නේද.. අනික තමා ගර්ල්ස්ලා ටික තනියම එහෙ මෙහෙ යන්න එපා ඈ.. මොකක්හරි ඕනි උනොත් අපි කාටහරි කියන්න.. හැමෝම එකට යන්න ඕනි.. "
ආයෙමත් කතා කලේ උදුල්.. මෙතන ඉන්න අනික් හැමෝටම වඩා සිහියෙන් වැඩ කරන්නෙ උදුල් විතරයි. ඒ නිසා කවුරුත් උදුල් කියන දේවල් වලට මොකුත් නොකියා ඔලුව වැනුවා.. හැබැයි හේෂ් විතරක් එක දෙයක් වෙනස් කරා.. ඒකට කවුරු නැතත් මයෝන් එකග උනා..
" උදුලා මකර තොරන ලගට යනකන් මේ කොට කෑලි ඇදගෙන යන්න බෑනෙ.. ඒ නිසා මේ හතර දෙනාට කියමු වෑන් එකට ගිහින් චේන්ජ් කරගන්න කියලා "
YOU ARE READING
Default Title - අයිස් කොෆී 🧋🧋 ( Complete Bl Story ✔️✔️ )
Romanceඑයාව වෙනස් කරන්න සහීමට පුලුවන් වෙයිද ?