හේෂ්ලගෙ ෆැමිලි වෙහිකල් එක ගලදාරි එකෙ කාර් පාර්ක් එකේ නැවතෙද්දි ඒ පිටිපස්සෙන් ආපු නිර්මලාත් කාර් එක පාර්ක් කලා. දඩි බිඩි ගාලා කාර් එකෙන් බැහැපු අශිනි ඇදන් හිටිය දනිස්සෙ ඉදන් වියතක් විතර උඩට කොට ගවුම් කෑල්ල පද්ද පද්ද ඇවිත් හේෂ්ගෙ අතේ පැටලෙනකොට හේසු කේන්තියටම රැව්වේ හේෂ්ට. හේෂ් ඒ පැටලුනු අත ගස්සලා දැම්මා උනත් රාජේන්ද්ර ඔරවලා වගේ බැල්මක් හේෂ්ට දුන්න නිසා සුපිපි ඔලුව වැනුවේ මේ වෙලේ ප්රශ්න ඕනි නෑ පුතේ කියන්න වගේ.
" ඉතිං නිර්මලා... අපි දැන් මේවට නැකතක් බැලුවනම් හරි නේද , නිකන් කල් අරින්න ඕනි නෑනෙ.. මොකද මේ ළමයිට ගෙවල් දොරවල් හදලා යාන වාහන ගන්න තියෙනවා කියලා ඈ "
ටේබල් එකට යටින් හේෂ්ගෙ අත් මිටි වෙද්දි රාජේන්ද්ර නිර්මලාට කිව්වේ අශිනිගෙයි හේෂ්ගෙයි එන්ගේජ්මන්ට් එක ගැන.
" අම්මෝ ඔව් ඔව් මේවා ඉක්මන්ට පිලිවෙලක් කරන්න ඕනි. මම හෙටම යන්නම්කෝ වෙලාවක් බලන්න. සුපිපි නංගි ඔයා ලෑස්ති වෙලා හේෂ්ගෙ වෙලාවත් අරන් ඉන්නකෝ අපි යන් "
රාජේන්ද්ර කිව්ව දේට නිර්මලාත් අඩු වැඩිය එකතු කරද්දි සුපිපිත් ඔලුව වනලා හා කිව්වා.
📥 - babu oya nidida..
ෆෝන් එක සාක්කුවේ වයිබ්රේට් වෙනවා දැනුන නිසා හේෂ් ෆෝන් එක බලද්දි දැක්ක නොටිෆිකේෂන් එක සහීමගෙන් වෙද්දි තමයි හේෂ්ට මතක් උනේ කලබලේට සහීමට මැසේජ් එකක් දාන්න බැරි උනානෙ කියලා.
📤 - ane baba mata kiyanna bari unane. Ada ape family eka dinner out ekak awa. Hotel eke inne. Hadissiye awe. Ekai kiyanna bari une
අශිනිලා ආවා කියලා හේෂ් සහීමට නොකියා හිටියේ සහීමට ඒකෙන් දුක හිතෙනවා කියලා හේෂ් දන්න නිසා.
📥 - hari aiye. Enjoy lamayooooo. Gedara gihin msg ekak dannoo. Lv yah ei
ඒ මැසේජ් එකට හේෂ්ගෙ ඇස් දෙකේ ලාවට කදුලුපටලයක් බැදෙද්දි හේෂ්ට ෆෝන් එක ආයෙම සාක්කුවට දාගන්න උනේ රාජේන්ද්ර උගුර පාදපු සද්දෙට.
ලග තිබ්බ වයින් ග්ලාස් එක එක අතකට තද කරගෙන ඇස් දෙක රතු කරගෙන රාජේන්ද්ර දිහාම බලන් ඉන්න හේෂ්ගේ පුටුවට අතක් තියාගෙන හේෂ්ගෙ උරහිසට දැනෙන නොදැනෙන ගානට හේසු තට්ටු දැම්මේ හේෂ්ව සංසුන් කරන ගමන්. මොකද ආව වෙලාවෙ ඉදන් රාජේන්ද්රගෙයි නිර්මලාගෙයි ප්රධාන මාතෘකාව උනේ හේෂ් ඇන්ඩ් අශිනි විතරයි. අශිනිටනම් ඒවා කණට මී පැණි වක්කරනවා වගේ උනාට හේෂ්ට ඒ හැමදේම ටකරමකට ගහන බොරලු වගේ උනා..
YOU ARE READING
Default Title - අයිස් කොෆී 🧋🧋 ( Complete Bl Story ✔️✔️ )
Romansඑයාව වෙනස් කරන්න සහීමට පුලුවන් වෙයිද ?