" බල්ලෝ.... ඔහොම ඉදපන් "
පහළට බහින ගමන් හිටිය මනූක එකපාර නැවතුනේ දෙයක් මතක් වෙලා වගේ.
" ම්ම්ම් "
" අඩෝ අංකල්කාරයා උඹ එක්ක කේස් නේද යකෝ.. කොහොමද අපිට ඒක අමතක උනේ පගෝ "
මනූක ඇස් දෙකත් ලොකු කරන් සහීමට කියද්දි තමයි සහීමට මතක් උනේ එදා රාජේන්ද්‍ර එක්ක කියව ගත්තා නේද කියලා. ඒ වෙලාවෙ පොර වගේ කියෙව්වට දැන්නම් සහීමට කෙල තලියක් ගිලුනා.
" ඒ ඕයි මොකද කරන්නේ. මම රූම් එකට වෙලා ඉන්නද "
" බෑනෙ ඕයි. ආන්ටි අහනවනේ අනිවා කෝ සහීම කියලා... දැන් ඉතිං එන දේකට මූණ දෙමු. යමංකො මාත් ඉන්නවනේ "
සහීම කාබරේට වෙලා ඉන්න අහද්දි මනූක එපා කිව්වේ අනිවාරෙන් සුපිපි සහීමව අහනවා කියලා දන්න නිසා..
ඒ දෙන්නා පහලට ඇවිත් වාඩි වෙනවත් එක්කම රාජේන්ද්‍රත් ගේ ඇතුලට ආවා. ඒ එක්කම හේසුටත් ඉබේම බැලුනේ සහීම දිහා.
" හායි අංකල් "
රාජේන්ද්‍ර එනවා දැක්ක අශිනි හිනාවකුත් දාගෙන කියද්දි රාජේන්ද්‍ර ඔලුව වනලා ලාවට හිනා වෙන ගමන් සහීමගෙ උඩ ඉදන් යටටම බැලුවා.
" අහ් මේ ළමයි මොකෝ අද මෙහෙ "
" අපි කලම්බො ගියා තාත්තා වැඩ වගේකට "
රාජේන්ද්‍ර සහීම දිහා බලන් ඇහුවා උනත් උත්තර දුන්නේ හේසු වෙද්දි රාජේන්ද්‍ර කට කොනෙන් හිනා වෙනගමන් සුපිපිට කතා කරගෙන කුස්සිය පැත්තට ගියා.
" අම්මෝ බං මම හිතුවේ අංකල් අපි සේරම එළියට දායි කියලා.. මම ගැහි ගැහි හිටියෙ යකෝ "
" උඹට කියන්න මාත් හෙන බයෙන් හිටියෙ ඈ. හැබැයි මම තාත්තගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු උනා කොම්ලෝ. හේ... හේ මම හිතන්න බෑණා පොඩ්ඩට බය උනාද කොහෙද මාමණ්ඩියා "
හේසුයි මනූකයි කුටු කුටු ගාද්දි සහීමටත් හිතුනේ එදා එච්චර දෙයක් උනාටත් පස්සේ රාජේන්ද්‍ර කොහොමද මොකුත් නොකියා හිටියෙ ඇයි කියන එක..
.
.
.
." ඉතිං අශිනි දුව ඔයාලා අද රිංග්ස් බැලුවද "
" ඔව් අංකල්.. ඔයට පෙන්නන්නද අනේව් "
YOU ARE READING
Default Title - අයිස් කොෆී 🧋🧋 ( Complete Bl Story ✔️✔️ )
Romanceඑයාව වෙනස් කරන්න සහීමට පුලුවන් වෙයිද ?