09

2.1K 240 16
                                    

සහීම එහෙම්මම ෆෝන් එකයි රෑ හදලා තිබ්බ බෑග් එකයි අරන් කාබරෙන් එලියට ආවා.. ඇවිත් නැන්දටයි මාමටයිත් කතා කරලා ඒ දෙන්නටත් කියලා එලියට බැස්සෙ එයාව ගන්න ඇවිත් නිසා ඒ දෙන්නට තව ටිකක් නිදාගන්න කියලා කියන ගමන්...

සුදු දිග ලිනන් කලිසමයි moose මෙරුන් පාට ටී ශර්ට් එකට සුදුපාට ශූස් දෙකකුයි දාලා වැක්ස් කරලා කොන්ඩෙ උස්සලා සුදුපාට බෙන්ස් එකට හේත්තුවෙලා අත් දෙකත් බැදගෙන සහීම එන දිහා මූණෙ හිනාවක්වත් නැතුව බලන් ඉන්න හේෂ් දැකලා සහීම හිනා උනා.. හැබැයි හේෂ් නෙවේ ආපිට හිනා උනේ..

" තව ටිකක් කොට කලිසමක් තිබ්බෙ නැද්ද "

හේෂ් ඒ අහපු විදිහට සහීමගෙ කටත් ඇරුනා..එතකොට මේ මනුස්සයා හිනාවත් වෙන්නැතුව ඉන්නෙ මගේ කලිසම නිසාද.

" ආහ් නෑ ඉතිං මේ... එහෙම පහසුයි ඉතිං...

" ඔව් ඔව් පහසුයි.. පහසුයි කියන්නෙ පුදුම පහසුවක් ඒක "

හේෂ් තව ඒවා කියන්න කලින් සහීමට කෝල් එකක් ආවා

📞.... බල්ලෝ. හේෂ් අයියා ආවද උඹව ගන්න උබලා කොහෙද ඉන්නේ

හැමදාම සහීමගෙ ගැලවුම් කාරයා උන මනූකතමයි දැනුත් මේ කෝල් එක ගත්තේ

📞... ඔව් මනූක මේ දැන් ආවෙ අපි එන්න හදන්නේ

📞.. හරි හරි පරිස්සමෙන් වරෙන් එහෙනම් මං ඉන්නෙත් හේසුලා ගෙදර... වාහනෙ එන්නෙ එහෙට... එහෙනම් පුතෝ මං තිබ්බා.. දෙවි පිහිටයි ආරස්සාවයි

මනූක එහෙම කියලා හිනාවෙලා ෆෝන් එක තිබ්බා.. සහීම ඉතිං ආයෙම බැලුවේ හේෂ් දිහා..

" හරි හරි දැන් නගින්න.. උඩට නගිනකොට ඔය වගෙ එකක් එහෙම ඇදගත්තොත් උඩට නංගන්නෑ පුතේ හරිද.. දැං නගිනවා වාහනෙට "

මේක හරි මගුලක්නේ යකෝ මට ඕනිනම් මං අදිනවා.. මෙයාට මොකක්ද තියෙන අමාරුව... අනික දැන් මනූක ඇදන් ඉන්නෙත් මීට වඩා කොට කලිසමක්නේ.. එතකොට බලමුකො මොනවා කියයිද කියලා... සහීම එහෙම හිතුවට කියන්න ගියෙ නෑ. ඒ වෙනුවට කලේ හේෂ් දිහාට සහීමගෙ තියෙන අර අහිංසක හිනාව දාලා වාහනෙට නැගපු එක...

පිඹගෙන ගිය වාහනේ ඇවිත් නැවතුනේ තාප්පෙට එහා පැත්තෙ ගෙයක් තියෙනවද කියලවත් පේන්නැතිවෙන්න තරම් උසට ගහපු තාප්පෙ තියෙන රෝලර් ගේට් එක ලග. වාහනේ නැවැත්තුව ගමන් ඒ ගේට් එක ඇරෙද්දිම දැකපු ගෙදර දිහා සහීම බැලුවේ ඇස් දෙක ලොකු කරලා... මොකද සහීම මෙච්චර කල් ගිහින්  තිබ්බ ලොකුම ගෙදර තිබ්බෙ මනූකලාට.. ඒත් මේ ගේ ඊටත් වඩා දෙගුණයක් විතර ලොකුයි.... තට්ටු තුනට තියෙන ගෙදර හරියට නිකම් බණ්ඩාරවෙල තියෙන හොටෙල් එකක්  වගේ කියලා සහීමට හිතුනා..

Default Title -  අයිස් කොෆී 🧋🧋   ( Complete Bl Story ✔️✔️ )Where stories live. Discover now