47 🧋

755 102 29
                                    

නැන්දලා උදේම පිටත් වෙද්දිම සහීම ඇහරුනේ පුරුදු විදිහට ෆැක්ට්‍රි එකට යන්න.. ඒ එක්කම සහීමගෙ ෆෝන් එක රින්ග් උනේ සහීමගෙ මූණෙ හිනාවක් ඇදෙද්දි.

📞.. ගුඩ් මෝර්නින් බබා.

📞.. ගුඩ් මෝර්නින් අයියේ.

📞.. ලෑස්ති වෙලාද ඉන්නේ , එලියට එන්න.

සහීම ටක් ගාලා ජැනෙල්ලෙන් එලිය බලද්දි තමා දැක්කේ ගේට් එකෙන් එලියෙ කාර් එක නවත්තගෙන බොනට් එකට හේත්තුවෙලා ගේ දිහත් බලන් ෆෝන් එක කනේ ගහන් ඉන්න හේෂ්ව.. ෆෝන් එක කට් කරපු සහීම ආයෙ පාරක් මිරර් එකෙන් එයා දිහාම බලලා පර්ෆියුම්  එකත් හලාගෙන හේෂ් එයාගෙ ඇගිල්ලට දාපු මුද්දදත් පුරුද්දට වගේ ඇගිල්ල වටේ වටයක් කරකවලා රූම් එකත් වහගෙන දොරත් වහගෙන එලියට බැස්සෙ ආයෙමත් සාක්කුව අස්සේ ෆෝන්‍ එක වයිබ්‍රේට් වෙද්දි.

📞.. ගුඩ් මෝර්නින් මිසිස් බණ්ඩාර

අම්මා ගත්ත කෝල් එක කනේ ගහගෙනම සහීම කාර් එකට ගොඩ උනේ හේෂ් දොරත් ඇරලා දීලා සහීමගෙ කොණ්ඩෙත් අවුස්සපු නිසා ඒකට හේෂ්ට රවන ගමන්.

📞.. ගුඩ් මෝර්නින් පුතා. මොකද කරන්නේ. නැන්දලා උදේ ගියා නේද.

📞.. වැඩට යනගමන් අම්මා. ඔව් එයාලා ගියානේ. ආ ඒක තමා මේ මාව මතක් වෙලා තියෙන්නේ හුහ් නැත්තම් ඉතිං මට කෝල් කරන්නෑනේ මෙයාලත්.

සහීමගෙ සීට් බෙල්ට් එක දාන්න සහීමගෙ පැත්තට නැව්න හේෂ් සහීමගෙ බෙල්ල අස්සට පෙක් තියන්න ගත්ත නිසා හේෂ්ව එහාට තල්ලු කරන ගමන් සහීම තාමත් කෝල් එකේ ඉද්දි සහීමව අවුස්සන්න තියෙන ආසාවට හේෂ් තව තව සහීමගෙ බෙල්ල අස්සෙ මූණ ඔබන්න ගත්තේ සහීමගෙ රැවිලි ගෙරවිලි ගානකටවත් ගන්නෙ නැතුව.

📞.. පුතා ඔයාට අපිට කියන්න දෙයක් තියෙනවද ?

ගීතිකා අහපු දේට සහීමට ඉබේම බැලුනේ බෙල්ල අස්සෙ දගලන හේෂ්ව. ඒ එක්කම හේෂුත් ඔලුව උස්සලා සහීම දිහා බැලුවේ සහීමගෙ දැගලිල්ල නැවතුන නිසා. හේෂ් ඇහි බැමි දෙක උස්සලා ඇයි අහද්දි සහීම මොකුත් නෑ කියන්න ඔලුව වනලා ඉස්සරහ පෙන්නද්දි හේෂුත් කාර් එක ස්ටාට් කරලා පාරට දැම්මා .

Default Title -  අයිස් කොෆී 🧋🧋   ( Complete Bl Story ✔️✔️ )Where stories live. Discover now