45 🧋

770 106 36
                                    

" ආ ඒක මිස්ටේක් එකක්ලුද රාජේන්ද්‍ර එතකොට "

" ම්මේහ්... ඔව් නිර්මලා ඒක මිස්ටේක් එකක්ලු "

" අයියෝ අනේ ඉතිං ඕවගෙ ලොකු ප්‍රෙජෙක්ට් කරනකොට එහෙම මිස්ටේක් තියාගන්න එපා රාජේන්ද්‍ර මොනවා උනත්. එක මිස්ටේක් එකක් ඇතිනෙ අනේ මුලු ප්‍රොජෙක්ට් එකම ඩවුන් වෙන්න නැද්ද සුපිපි නංගියේ "

ටිං.....ටිං............

බණ්ඩාරවෙල ප්‍රෙජෙක්ට් එකේ ප්‍රශ්නෙන් පස්සෙ  නිර්මලා ඇවිත් රාජේන්ද්‍ර එක්ක ඒ ගැන සාකච්ඡා කරන්න පටන් ගත්තේ හේෂ්ගෙ එන්ගේජ්මන්ට් එක දවසට ඒ හදන හොටෙල් එකේ  හේෂ්ට වගේම අශිනිටත් සම අයිතිය ලැබෙන්න ඕනි කියලා රාජේන්ද්‍රට මතක් කරන ගමන්. බිස්නස් දිහා ඇහැක්වත් ඇරලා බලන්නැති සුපිපිට ඒවා ගානක්වත් නැති උනත් මේ කට්ටියගෙ කතාවට එතනම සෝපාවෙ වාඩි වෙලා ෆෝන් එකට කොට කොට හිටිය හේෂ්ට කට කොනෙන් හිනාවක් යද්දි ගෙදර බෙල් එක වැදුන සද්දෙට හැමෝටම දොර දිහා බලද්දි සුපිපි දොර අරින්න නැගිටින්න කලින් හේෂ් එයා බලන්නම් කියලා ගියා..

" හේයී...... හේෂෝ... ආෆ්ටර් ලෝන් ටයිම් නේ මචං "

හේෂ් දොර අරිනවත් එක්කම දොර ගාව හිටන් හිටිය රූපේ හේෂ්ට ලොකුම ලොකු හග් එකක් දෙද්දි සුපිපි රාජේන්ද්‍ර වගේම නිර්මලාත් බලන් හිටියෙ ඒ කවුද කියලා කියන්න.

මුලු දවසම ජිම් එකේ ගෙවන ඇගක්  වගේ ඇගක් වෙද්දි තලෙලු උනත් පැහැපත් හමක් එක්ක උසට හරියන මහත රවුම් ඇස් ශේප් කරපු ඇහිබැමි දෙක රැවුලක් තිබුන පාර තිබ්බත් මුලු රැවුලම ශේව් කරලා වෙද්දි ක්‍රේල් කොණ්ඩෙ කොටටම කපලා තිබ්බ හේෂ්ගෙ වයසෙම වගේ තරුණයාව හේෂ් ආයෙමත් හග් කලා..

" වරෙන් යකෝව් ගෙට.. උඹලා ඉතිං ගියත් ගියා ආයෙ හම්බුනේ නෑනෙ. "

" අනේ බං එහෙම නෙවේ උඹ දන්නවනේ අපේ ඩැඩා එක්සෑම් වලින් පස්සේ  ගෙදර සේරම අරන් එහෙ ගියානෙ බං.. ඊට පස්සෙ ගිය අවුරුද්දෙනෙ මෙහෙට ඇවිත් වැඩේ සෙට්ල් කරගත්තේ. එතකන් අපේ ඩැඩා කැමති උනේ නෑනෙ බං.. උඹලව අමතක කලේ නෑ බල්ලෝ.... "

" uk වල හිටියට මොකෝ උඹට සිංහල අමතක නෑනේද "

" පිස්සුද බ්‍රෝ... එහෙම අමතක කරනවද යකෝ මගේ භාෂාව... ඒක නෙවේ මයෝනයාව හම්බෙන්න ඕනි අඩෝ..... යමන් ඈ...... "

Default Title -  අයිස් කොෆී 🧋🧋   ( Complete Bl Story ✔️✔️ )Where stories live. Discover now