08

1.4K 202 20
                                    

💬... ආහ් ඔව් අයියේ.මම ගෙදර , මනූක මාව ගෙනත් දැම්මා ආව ගමන් ටිකක් නිදාගත්තා දැන් මේ ඇහැරුනේ

හේෂ් ඒ වෙනකොට හිටියෙ රෑට කෑම කන ගමන්.. ෆෝන් එකට ආව මැසේජ් එක ෆෝන් එකේ ස්ක්‍රීන් එකෙන් දැක්ක හේෂ්ට කෑම කන්න ඕනිත් නෑ වගේ හිතුනේ ඒ මැසේජ් එකට ඉක්මන්ට රිප්ලයි කරන්න ඕනි කියලා හිතුන නිසා.. ඒත් ඉතිං හැමෝම වාඩි වෙලා කෑම කන වෙලාවට ෆෝන් එක එබුවොත් ආයෙමත් තාත්තා එක්ක කියෝගෙන රණ්ඩු වෙන්න ඌමනාවක් හේෂ්ට මේ  වෙලාවෙ තිබ්බෙ නෑ...

" ඉතිං තාත්තා ඔයාලා එක්ක යන්න හිටියොත් අපිට යන්න වෙන්නෑ... ඒ නිසා මම කියන්නෙ අපි ළමයි ටික වාහනයක් අරන් යන්නම් අනේ මේ පාරවත්... අයියත් ඉන්නවනේ මේ පාර.. අනික ලොකු අයියයි සමාධිත් හස්බන් & වයිෆ් විදිහට යන පලවෙනි ගමන එහෙ යන එකත් හොදයිනෙ... අනේ තාත්ති හාද... "

" හරි ඉතිං ඔයාලට පුලුවන්නෙ අම්මලාවත් එක්කන් යන්න ඔය යන ගමන "

" අනේ එයාලා එන්නෑ අනේ.. අනික මටනම් ආස නෑ අර නිර්මලා ආන්ටි එක්ක යන්න.. හැච හැච ගගා කියවනවා ඒ නිසා ආස නෑ අනේ... ඉතිං අපි කවුරුත් පොඩි ළමයි නෑනෙ තාත්ති... මම , අයියා , ලොකු අයියා , සමාධි  , මනූක , රාකේෂ් අයියා , මයෝන් අයියා , උදුල් අයියා එතකොට තව අපේ සහීමවත් එක්ක යන්න පුලුවන් එතකොට ශේප්නේ "

හේසු සහීමගෙ නමත් කියනවා ඇහුනම මෙච්චර වෙලා හේසු මේ තාත්තගෙන් කොහෙ යන්නද අහන්නෙ කියලා ඇහුම්කන් දුන්නෙ නැති හේෂ් කන් දෙක උස්සන් ඒ කතාවට ඇහුම්කන් දුන්නෙ හරියට මී පැටියෙක් වගේ.

" සමාධි , හේසු විතරයි නේද එතකොට කෙල්ලොන්ට කියලා යන්නෙ නිර්මලා ආන්ටිගෙ දුවලා දෙන්නවත් අඩ ගහන් යන්න හේසු එතකොට කට්ටිය තව වැඩි වෙනවනේ "

සුපිපි එහෙම කිව්වමනම් හේසුගෙ මූණ දෙක උනා

" ආපෝ ඒ අනික් වාත දෙක.. ලොකු අයියගෙ ඇගේනම් එල්ලෙන්න වෙන්නෑනෙ දැන් ඒ මගුල් දෙක ගියොත් මේ පාර අපේ අයියට තමා කරගහන් යන්න වෙන්නේ "

හේසු එහෙම කියලා අයියා දිහා බැලුවේ අයියා මොනාද කියන්නෙ කියලා බලන්න...

" කොහෙ යන්නද හලෝ මේ කතා වෙන්නෙ ඔයා "

හේෂ් එහෙම ඇහුවෙ දැන් මේ ගමනට හේසු සහීමවත් ගාවගන්නවා ඇහුන නිසා .

Default Title -  අයිස් කොෆී 🧋🧋   ( Complete Bl Story ✔️✔️ )Where stories live. Discover now