17

1.2K 153 10
                                    

උදේටත් කෑම කාලා නැන්දා එක්ක කියව කියව ඉදලා ෆිල්ම් එකක් දාගෙන බල බල ඉන්නකොටම මනූක ආවෙ සහීමගෙ ස්කූටර් එකත් අරන්.. ඉතිං ඊට පස්සෙ නැන්දා මනූකටත් එක්කම ලන්ච් එක රෙඩි කරන්න හැදුවේ මනූක නැන්දගෙ කෑම වලට ආසයි කියලා දන්න නිසා.

" අම්මෝ අද ලන්ච් එක මෙහෙන් ඩිනර් එක හේසුලා දිහායින්.. උදේට විතරයි ගෙදරින් කෑවේ. මෙහෙම ගියොත් අම්මා මාව ගෙදරින් එලවනවා සත්තයි "

එනගමන් සහීමට දෙන්න කියලා මනූක ගෙනාව චොකලට් එකෙන් තඩි කෑල්ලක් කඩාගෙන කටේ දාගන්නගමන් මනූක එහෙම කිව්වේ සහීම එක්කම කුස්සියේ පැන්ට්‍රි එක උඩ ඩාඩිවෙන ගමන්.

" ආ.. එතකොට දැන් මේ ඩබල අද රෑටත් ගෙදර නෑද ආ... මෙහෙම ගියොත් සහීව කොළඹ එවන එකක්වත් නෑ හරිද අයියලා.."

සහීමගෙ නැන්දා බොරුවට තරවටුවක් කරේ මේ ළමයි කොච්චර නිදහස දීලා තිබ්බත් ඒ නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගන්නේ නෑ කියලා දන්න නිසා.

" ආ...ඒවා කොහෙද සුදු නැන්දේ..... දැන් කොහොමත් හෙට සහී ගිහින් ආවම ආයෙ ඉතිං කොළඹ කියන්නෙ කොල්ලගෙ උපන් ගම වගේ වෙනවා... එතකොට ඉතිං බණ්ඩාරවෙලට බායි කියලා මෙහෙ ඉන්න තමා වෙන්නේ.. "

සහීම හෙට බණ්ඩාරවෙල ගිහින් ඊට පස්සෙ කොළඹ පර්මනට් ජොබ් එකක් කරන්නනෙ හදන්නේ. අභීත අයියලා ආවගමන් ඒ වැඩේ සෙට් වෙන නිසා සහීමගෙ අම්මලා තාත්තලත් ඒකට විරුද්ධ උනේ නෑ. අනික බණ්ඩාරවෙල පැත්තට වඩා කොළඹ කියන්නෙ රැකියා ලෝකයක්නේ.. ඒ නිසා ඒකට විරුද්ධ වෙන්න හේතුවක් එයාලට නෑ.. නැන්දට විතරක් නෙවේ මාමටත් ඉන්න එකම ළමයා සහීම මොකද මාමට කියලා සහෝදර සහෝදරියෝ නෑ ඒ නිසා ඒ දෙන්නා සහීමට ආදරේ කරන්නේ එයාලගෙ දරුවා කියලා හිතාගෙන.

" ඒක තමා මනූක පුතා.. සහී මෙහෙට එන එක මට ලොකු දෙයක් අනේ.. ඉස්සර ඉතිං මේකා එන්නෙ නිවාඩුවට. ඊට පස්සෙ කැම්පස් යන්න ආවා දැන්නම් ඉතිං ස්තීරවම මෙහෙ ඉන්නයි තියෙන්නේ. කොහොමත් ඉතිං කවදා හරි මේ ගෙවල් දොරවල් උනත් මෙයාටනේ.ඒ නිසා මමනම් ඉස්සර ඉදන්ම අයියා එක්ක වලි කෑවා මේ වසවර්තියව මෙහෙ ස්කූල් එකකට දාලා මෙහෙ තියාගන්න. කොහෙද ඉතිං අපේ අයියා කැමති උනේ නෑනේ. "

Default Title -  අයිස් කොෆී 🧋🧋   ( Complete Bl Story ✔️✔️ )Where stories live. Discover now