හැමෝගෙම ඇස් තිබ්බේ රාජේන්ද්‍ර ඉන්න ස්ටේජ් එක දිහා. මොකද ඉතිං මේ සල්ලිකාර මනුස්සයාට කියන්න තියෙන විශේෂ දේ අනිවාරෙන් විශේෂම දෙයක් වෙන්න ඇතිනෙ.
" හේසු උඹ හිතන්නෙ තාත්තා දැන් ඒක කියයි කියලද.. "
" අඩෝ මට හිතෙනවා ඒක තමා ඔය කරන්න හදන්නේ.. මට ඊයෙ ඇහුනා අම්මා එක්ක ඒ ගැන කියවනවා. ඒත් අම්මා එපා කිව්ව නිසා මම හිතුවේ දැන් ඕක ඇදෙන එකක් නෑ කියලා බං "
හේසුයි මනූකයි සහීම දිහා බල බල එයාට ඇහෙන්නැති ගානට කියවද්දි සහීම ඇස් කැරකුවේ හේෂ්ව හොයන්න..
" මොකක්ද හේසු උඹලෑ තාත්තා අර කියන්න හදන්නේ... අර බලපන්කෝ හේෂ් අයියා. එයාට පොඩ්ඩක් එන්න කියනවකෝ ඕයි. අර උරචක්කරමාලෙ එල්ලගෙන ඉන්නෙ ආව වෙලේ ඉදන් රෙද්ද. ඉවසනවා කියලා මට පුලුවන්ද කියනවකෝ ඔච්චර ඉවසන්න "
රාජේන්ද්‍ර ඉන්න ෆ්ලෝ එක ලග තියෙන ටේබල් එකේ සුපිපි නිර්මලයිට එහා පැත්තෙන් වාඩි වෙලා හේෂ්ගෙ අත වටේට අතකුත් පටලන් දත් වහල්ලම එලියෙ දාගෙන වටේට හිනාවෙවී ඉන්න අශිනි දිහායි ඒ මෙලෝ මලදානෙකට කිසිම රියැක්ශන් එකක් දෙන්නැති හේෂ් දිහයි බලාගෙන සහීම එහෙම කියද්දි හේසුගෙ පපුව හිරවෙලා යනවා වගේ හැගීමක් එද්දි හේසු සහීමගෙ අත තද කරලා අල්ල ගත්තා.
" අයියා ඔය කැමැත්තෙන් ඉන්නවා නෙවේනේ සහීම. එයා ඕවා ඉවසන් ඉන්නේ ඔයාට ප්‍රොමිස් උන නිසානේ. ඒ නිසා උඹත් ඉවසලා ඉදපන් හරිද. මම කියන්නේ කිසිම දේකට කලබල වෙන්න එපා "
හේසු එහෙම කියනකොට ටේබල් එකේ අනික් අයත් සහීම දිහා බලලා ඔලුව වැනුවේ සහීමට වඩා මෙතන ඉන්න අනික් හැමෝම රාජේන්ද්‍රව දන්න නිසා එයා මේ මොකක්ද කරන්න හදන්නේ කියලා ඉවෙන් වගේ ඒ හැමෝටම තේරිලා තිබ්බ නිසා.
" ම්ම්ක්..අද මගේ කෙල්ලගෙ උපන්දිනේ වගේම මෙතන්ට ඇවිත් ඉන්න හැමෝටම පොඩි අන්වුස්මන්ට් එකක් දෙන්න තමයි මම හදනේ... ඒක ඔය හැමෝටම සප්‍රයිස් එකක්... "
රාජේන්ද්‍ර එහෙම කියලා හිනා වෙද්දී අනික් හැමෝම අත්පොඩි ගැහුවා උනත් සහීමගෙ ටේබල් එකේ කවුරුත් එහෙම කලේ නැති නිසා අත්පොඩි ගහන්න අත් දෙක හදාගත්ත සහීමත් අනික් අය දිහා ඇස් ලොකු කරන් බලලා අත් දෙක පහලට දාලා ආයෙමත් ඒ පැත්ත හැරුනා..
YOU ARE READING
Default Title - අයිස් කොෆී 🧋🧋 ( Complete Bl Story ✔️✔️ )
Romanceඑයාව වෙනස් කරන්න සහීමට පුලුවන් වෙයිද ?