" සුදූ..... මොකද අර සහීම දැන් දවස් ගානක ඉදන් මූණ එල්ලන් ඉන්නේ.. මම මේ බලලා බලලා බැරිම තැන අහන්නෙ "
එදා සිද්දියෙන් පස්සෙ සහීම පොඩ්ඩක් පැත්ත ගහලා වගේ හිටිය නිසා ඩිලාන් ඇහුවේ සහීමගෙ නැන්දගෙන්.
" අනේ මංදා ඒයි මාත් බලාගෙන හිටියෙ කෑම කන්නෙත් අත ගගා.. ෆැක්ට්රි එකේවත් අවුලක්ද දන්නෑ.. "
" එන්න කියන්නකො බලන්න කොල්ලට පොඩ්ඩක් , අපි මේවා කතා කරන්න එපැයි සුදූ නේද... මොනා උනත් මූට මෙහෙම ඉන්න දෙන්න බෑනෙ අපේ කොල්ලනේ ඉතිං මේ... "
අද ෆැක්ට්රි එකේ ඕෆ් ඩේ එක නිසා සහීම ගෙදර. වෙනදට නිවාඩු දවසට සහීමට එලියට යන්න වැඩ ගොඩක් තිබ්බට අද එහෙම කිසිම වැඩක් සහීමට නෑ. හේෂ් එයාට ඩේට් එකකට යන් කියලා කතා කලත් සහීම ඒක මගඇරියේ ටිකක් නිදාගන්න ඕනි කියලා.. කොල්ලා කොච්චර නෑ කිව්වත් හේසුගෙ බර්ත්ඩේ එක දවසේ උන දේට හොදටම හිත රිද්දන් ඉන්නේ කියලා හේෂුත් හොදටම දන්නවා..
" ඕ මාමෙ කියන්නෝ.. "
" අහ් ඉලංදාරියා... මේ පොඩ්ඩක් මෙතන වාඩි වෙනවකො ඇවිත් "
නැන්දා කිව්ව නිසා සහීම එක පිම්මට මාමා ඉන්න තැනටම ආවේ මාමා කාබරේට ආවොත් මුලු කාබරේම ඇදලා දාලා සහීමගෙ ඇදුමුයි පර්ෆියුමුයි උස්සන් යනවා කියලා සහීම අත්දැකීමෙන්ම දන්න නිසා.
" ආ සුදු පුතේ.. උඹ මොකක්හරි ප්රශ්නෙකද ඉන්නේ... "
සහීම ඩිලාන් ලගින් වාඩි වෙද්දි ඩිලාන් සහීමගෙ කරට අත දාගෙන ඇහුවේ සහීම ඩිලාන්ව ආශ්රේ කරන්නෙ මාමා බෑණා සම්බෙන්දෙටත් වඩා හොදම යාලුවෝ දෙන්නෙක් වගේ හිංදා.
" න්... නෑ.... මාමේ එහෙම මොකුත් නෑ........ ඇයි එහෙම අහන්නේ "
' මම කොහොමද මාමේ ඉතිං ඔයාට කියන්නේ මම හේෂ් එක්ක යාලුයි , එයා මගේ හැමදේම , අපිට එයි කියලා හිතුව ප්රශ්න අපි හිතුවට වඩා ඉක්මන්ට අපිට ඇවිත් කියලා........ මම කොහොමද මාමේ ඒවා කියන්නේ. මට ඔයාට කියන්න ඕනි... ඒත් මම තාම ලෑස්ති නෑ මාමෙ.. සොරි........'
සහීමගෙ රිදිලා තියෙන හිතෙන් මාමා දිහා බලාගෙන එහෙම හිතනකොට සහීමට එයාගෙ ඇස් වලට කදුලු උනනවා වගේ දැනුන නිසා ඉක්මනින් බිම බලාගත්තේ මෙතන අඩන්න තියාගත්තොත් මාමගෙන් බේරිල්ලක් ඇත්තෙම නෑ කියලා සහීම හොදටම දන්න නිසා.
YOU ARE READING
Default Title - අයිස් කොෆී 🧋🧋 ( Complete Bl Story ✔️✔️ )
Romanceඑයාව වෙනස් කරන්න සහීමට පුලුවන් වෙයිද ?