" අහ් අංකල් මමයි මනූකයි එක රූම් එකක. So අපි ඉන්න ෆ්ලෝ එකේ රූම් එකක කී එකක් දෙන්නකෝ මට "
කට්ටිය චෙකින් වෙලා ඉවර වෙලා රූම්ස් බෙදාගද්දි අන්තිමට ඉතුරු උන කොල්ලො ටිකත් රාජේන්ද්රගෙන් කීස් ඉල්ලගන්න එතනට ගියා වෙද්දි මයෝන් රාජේන්ද්ර කතා කරන්න කලින් එහෙම කියද්දි රාජේන්ද්ර රවාගෙන වගේ මයෝන් දිහා බැලුවා.
" දේවප්රියට පිස්සුනේ... "
රාජේන්ද්ර මුමුණ මුමුණ මයෝන්ට කී එකක් දික් කරද්දි රාකේෂුයි උදුලුයි දෙන්නත් කී එකක් ඉල්ල ගත්තා.
" සහීම මල්ලි ඔයාට අවුලක් නෑ නේද මාත් එක්ක රූම් එක ශෙයාර් කරගන්න එක. "
රාජේන්ද්ර උඩ ඉදන් යටටම සහීම දිහා බලද්දි සහීම ඔලුව වැනුවේ අවුලක් නෑ කියන්න වගේ..
" අහ් හරි හරි එහෙනම් මම යනවා .. ඔයාලා අපිට උඩ ෆ්ලෝ එකේ ඉන්නෙ.. ඕකේ ගයිස් එන්ජෝයි.. හේෂ් තමුන් එනවා පොඩ්ඩක් මා එක්ක "
රාජේන්ද්ර එතනින් යද්දි මයෝන්ටත් රවලා වගේ බැල්මක් දීලා සහීම දිහත් බලලා කට කොනකින් හිනාවෙද්දි හේෂ් දුඹුරු ඇස් දෙක රතු පාට කරගෙන රාජේන්ද්ර එක්ක එතනින් ගියා..
"අම්මෝහ්....... බල්ලෝ......... ඒ යකා මං දිහා බලපු විදිහ දැක්කද........ උට්ටෝ මයෝන් අයියට පිස්සුද පගෝ... ඒ උනාට ඌට තිබ්බා හේෂ් එක්ක ඉන්නම් කියලා කී එක අරන් ඒ යකා ගියාම ඉන්න විදිහට ඉන්න.. "
රාජේන්ද්රගේ රූපේ නොපෙනී යනකම්ම බලන් හිටිය සහීම මනූකගෙ ඇගට හේත්තුවෙන ගමන් මයෝන් දිහා බලාගෙන කියද්දි මයෝන් ඇහි බැමි දෙකම උඩට උස්සන් සහීම දිහා බැලුවා.
" අනේ මේ උඹ උඹේ මාමණ්ඩිට බය උනාට මම බය නෑ.... මට මගේ මිනිහා එක්ක ඉන්න එක ඌට නවත්තන්න බෑනෙ... මම වගේ එකෙක් ඉන්න නිසා හොදයි උඹලට.. වැදපල්ලා මට මල් තියලා "
" යැයි යැයි තමා..... දැන් ඉතිං හැමදාම ඔය මනුස්සයා ඔහොම බල බල ඉදීද දන්නෑ මං දිහා "
මයෝනුයි සහීමයි වචන වලින් ෆයිට් එකක් යද්දි මනූක දෙන්නා දිහාම මාරුවෙන් මාරුවට බැලුවා මිසක් මොකුත් කියන්න ගියේ නෑ..
![](https://img.wattpad.com/cover/351346267-288-k726517.jpg)
YOU ARE READING
Default Title - අයිස් කොෆී 🧋🧋 ( Complete Bl Story ✔️✔️ )
Romantikඑයාව වෙනස් කරන්න සහීමට පුලුවන් වෙයිද ?