" ඕහ්... හෙලෝ හේෂ් පුතා , එන්න එන්න ගෙට "
" ගේට් එක ඇරලා තිබ්බ නිසා මම කාර් එක ඇතුලටම දැම්මා නැන්දෙ... කෝ සහී නිදිද තාම "
ඉරිදා කියලා කියන්නෙ සහීමට නිවාඩු දවස. කාලෙකින් කට්ටියම කොහෙවත් ගියෙත් නැති නිසා ඩේ අවුට් එකක් යන්න කතා උනත් මයෝන්ට බිස්නස් වැඩක් වැටුන නිසා ඒ ගමන කැන්සල් කරන්න උනා. ඒ වෙනුවට ඩිනර් අවුට් එකකට යන්න කට්ටියම කැමති වෙද්දි හේෂ් උදේම ආවෙ සහීමලාගෙ ගෙදරට.
" ඔව් හේෂ් පුතා එයා නිදි.. ඔයාලා කොහෙහරි යන්නද අද... "
ගෙට ආපු හේෂ්ට වාඩි වෙන්න පුටුව පෙන්නන ගමන් නැන්දා ඇහුවෙ මේ වෙනකොට හේෂ් , මනූක , මයෝන් , හේසු කියලා කියන්නෙ සහීමගෙ ජීවිතේ විශේෂ කට්ටිය කියලා එයා දන්න නිසාමයි
" ම්ම්ම් ඔව් නැන්දේ පොඩි වැඩ වාගයක් කරගන්න තියෙනවා තනියම යන්න කම්මැලි ඒකයි සහීමව ගන්න ආවේ.. කොහෙද ඉතිං තාම නිදිලුනේ. . "
" දන්නැද්ද ඉතිං අද නිවාඩු නිසා මම ඇහැරවන්න ගියේ නෑ. පුතා ඉන්නකෝ මම තේ හදන්නම්.... ආහ් අද මාමත් ඉන්නවා ඔයාට මීට් උනේම නෑනේ.... ඩිලාන්.......ඩිලාන්... මෙහෙ එන්නකෝ "
නැන්දා එක්ක හේෂ් කතාබහ කරලා හිටියට සහීමගෙ මාමා එක්ක හේෂ්ට කතා කරන්න හම්බෙන පලවෙනි දවස අද.. සහීම කියන විදිහට මාමා නැන්දටත් වඩා එයා එක්ක එකතුයිලු , ඒ වගේම හරිම විනෝදකාමී ඒ උනාට උත්සහවන්ත චරිතයක් විදිහට තමයි සහීම එයාව දකින්නේ. මාමා නැන්දට ආදරේ කරන විදිහට සහීම හරිම ආසයි. ඉතිං ඒ දේවල් නිසා හේෂ්ටත් ඕනි වෙලා තිබ්බා මාමව මීට් වෙන්න.
" ඕ සුදූ.... මම මේ රෙදි ටික වන වන හිටියේ අනේ..... "
මාමා එහෙම කියාගෙන ගෙට එනකොට නැන්ද හේෂ් දිහා බලලා ඇහැකුත් ගහලා හිනා උනේ හේෂුත් කටවහගෙන හිනාවෙද්දි.. මොකද නැන්දගෙ ඒ බැල්මෙන්ම තේරුනා නිවාඩු දවස් වලට මාමට අත්වෙන ඉරණම මොනවගේද කියලා.
" ඩිලාන් මේ ඉන්නේ හේෂ්... හේෂ් රාජේන්ද්ර...."
නැන්දා හේෂ්ව අදුන්නලා දෙද්දි හේෂුත් වාඩිවෙලා හිටිය තැනින් නැගිට්ටා... ඒ වෙලාවෙ එතන මයෝන් හිටියෙ නැති එක ගැනත් හේෂ් හිත අස්සෙන් සතුටු උනේ හේෂ් මෙච්චර යටහත් පහත් විදිහට සහීමගෙ මාමා ලග හැසිරෙන විදිහ මයෝන් දැක්කනම් මෙතන කියන දේවල් ගැන හිතෙන් හිතන ගමන්.
YOU ARE READING
Default Title - අයිස් කොෆී 🧋🧋 ( Complete Bl Story ✔️✔️ )
Romantizmඑයාව වෙනස් කරන්න සහීමට පුලුවන් වෙයිද ?