" හේෂ් අශිනිව එක්කගෙන මේ ඉරිදට රින්ග්ස් බලන්න යන්න ඕනි තමුන්. වෙන වැඩ දාගන්න එපා "
හේෂ්ගෙ කාබරේට ආව රාජේන්ද්ර එහෙම කියලා ආ පයින්ම කාබරෙන් එලියට ගියේ හේෂ් උත්තර දෙන්නත් කලින්.
ඒ අස්සෙන් සහීම පලයංකො රින්ග්ස් බලන්න කියලා එදා විස්තරේ කිව්ව දවසෙම කිව්ව හැටි මතක් වෙලා හේෂ් ඔලුවෙ කෙස් ටික ඇදගන්න ගමන් ඇදට වැටුනා.
📞... මම උඹට කිව්වා අයියේ ඈ.
📞... හරි හරි බබා රින්ග්ස් බලන්න යනවා විතරයිනේ.
📞... ඔව් ඔව් ඔය රින්ග්ස් බලන්න ගිහින් ඕවා අතට දාන දවසටත් කියයි හරි හරි බබා ඇගිල්ලට දානවා විතරයි කියලා.. යැයි යැයි ගෑවිල්ල මට වැඩක් නෑ ඔයා යන්නෙ නෑ. එච්චරයි
📞... අහන්නකො බබා ඉතිං මම කිව්වනේ මං ඉක්මන්ට මෙතන මොකක්ද මේ වෙන්න යන්නෙ කියලා හොයාගන්නම් කියලා. මට මේ ටිකේ තාත්තා කියන විදිහට ඉන්න වෙනවා සහී.. තේරුම් ගන්නකො මැණිකේ.
📞... හ්ම් එයා මාවයි අපේ ගෙදර අයවයි පෙන්න පෙන්න ඔයාව අසරණ කරනවා නේද අයියේ. අනේ සොරි..
📞... ඔන්න ඉතිං. ඒක මට කමක්නෑ සහී මම කැමති මගේ ජීවිතේ ලොකුම දුර්වලකම උඹ වෙනවට. එතකොට මට දැනෙනවා මගේ කොල්ලට මම කොච්චර ආදරේ කරනවද කියන එක ගැන. අනික මම ඉක්මන්ට මේවා ඉවරයක් කරනවා බබා එතකන් ඉවසන් ඉන්න
හේෂ් සහීමට විස්තර පත්රිකාව ඉදිරිපත් කරද්දි හේෂ් හිතුවා වගේම සහීම වැඩේට එයාගෙ අකමැත්ත තදින්ම කියද්දි හේෂ් එයාව සනසන්න කියලා කිව්ව දේවල් වලින් කොල්ලගෙ හිත රිදුනෙ නොදැනුවත්වමයි. මොකද හේෂ්ගෙ ලොකුම දුර්වලකම සහීම වෙද්දි සහීමට ඒක දරාගන්න බැරි උනා.
📞... හරි කොහොම හරි රාජේන්ද්ර සර්ට ඕනි ඉරිදට ඔයා අර ගොං හුට්ට එක්ක රින්ග්ස් ගන්න යන්නනෙ හරි පුතෝ යමංකෝ යමංකෝ හැබැයි තනියම නෙවේ හොදද ලෑස්ති වෙනවා මටයි මනූකටයි හේසුටයි දවල්ට කන්න අරන් දෙන්න. හහ්......
හේෂ් කටත් ඇරන් ඒ මොකටද ඒ කියලා අහන්නත් කලිම් සහීමගෙ පැත්තෙන් ෆෝන් එක කට්වෙද්දි හේෂ් ආයෙම සහීමගෙ නම්බර් එක රී ඩයල් කරත් another call වැටුන නිසා හේෂ් දැනගත්තා දැන් අනිවාරෙන් දෙදහෙ මොලකාරයෝ තුන් කට්ටුව ප්ලෑන් එකක් අදිනවා ඇති කියලා..
YOU ARE READING
Default Title - අයිස් කොෆී 🧋🧋 ( Complete Bl Story ✔️✔️ )
Lãng mạnඑයාව වෙනස් කරන්න සහීමට පුලුවන් වෙයිද ?