22 🧋

1.1K 142 23
                                    

" අනෙව් කොහෙද හේෂ් අයියා ගියේ.. මම ඊයෙත්  උයාට කෝල් එකක් ගත්තා උයා ආන්සර් කලේ නෑනි.... "

පැය පහක විතර ගමනකින් පස්සෙ ගෙට ගොඩ උන ගමන් දුවලා ඇවිත් හේෂ්ගේ ඇගේ එල්ලුනේ   අශිනි. හිතුවා වගේම රාජේන්ද්‍ර උදේ ඉදන් හේෂ් එන වෙලාව හොයලා තියෙන්නේ අශිනිලා එහෙ එන හින්දා කියලා හේෂ් හිතුවා..

" අනේ මේ අශිනි ඔයා මෙතන යැයි යැයි ගගා අයියගේ ඇගේ එල්ලෙන්නැතුව එයාට චේන්ජ් කරගන්න යන්න දෙනවද ප්ලීස්.. එයාට ටයඩ් කියලා පේනවා ඇතිනෙ "

සැටියට වෙලා කකුලුත් උඩ තියාගෙන ෆෝන් එක ඔබ ඔබ හිටිය හේසු මූණත් අකුලගෙන අශිනිට කෑ ගැහුවා.

" හරි අගෙයි ගෑනු ළමයි හැදෙන විදිහ කකුල් උඩ දාගෙන ඔහොම වාඩි වෙනවද ගෑනු ළමයි.. අනික තමා අපේ අශිනි තමා ඔය ළමයගෙ අයියව මැරි කරන්න ඉන්නේ ඒ කියන්නේ ඔයාගෙ නෑනා.. ඒ නිසා එයා එක්ක ඔහොම එල්ලෙන්න හදන්න එපා. තේරුනාද "

හේසුගෙ මූණට හිනාවක් ආවෙ ඒ කතාව කිව්වේ අශිනිගෙ අම්මා නිර්මලා වෙද්දි..

" හ්හ්... අනේ ආන්ටි ඔයා මගේ කකුල උඩ දාන් ඉන්න එක ගැන හොයන්න කලින් ඔයාගෙ දුවලට කියන්න භාගෙට ඇදගෙන කොල්ලොන්ගෙ කර උඩට නගින්න එපා කියලා.. ශිට් පේන්නැද්ද ඒව්.... "

" හේසු...... මම තමුන්ලගෙ ආන්ටි.... "

මූණ පුපුරන්න තරම් කේන්තිය පුරවගෙන නිර්මලා තවත් මොන මොනවදෝ කියවද්දි ඒක ගානකටවත් නොගෙන හේසු උඩට නගිද්දි හේෂුත් අශිනිගෙ අත ගසා දාලා නිර්මලාටත් හිනාවක් දාගෙන උඩට ගියා..

කාබරේට ගිය හේෂ් සහීමට කෝල් එකකුත් අරන් වොශ් එකකුත් දාන් ඇවිත් ආයෙමත් පහලට ගියේ රාජේන්ද්‍ර හැමෝටම තේ බොන්න එන්න කියලා කතා කරපු නිසා. සහීමට පොරොන්දු උන නිසා ඒ පොරොන්දුව රකින්න ඕනි නිසා හේෂ් රාජේන්ද්‍ර කියන හැමදේම අහගෙන හිටියා මිසක් වෙනදා වගේ එකට එක කියන් ගියෙ නෑ.. ඒක සුපිපිට විතරක් නෙවේ නිර්මලාලටත් පුදුමයක් වෙද්දි හේසු හේෂ් දිහාවට හැරිලා ඇහි බැමි උස්සලා කට ඇදකරේ මේවට හේතුව කවුද කියලා හේසු හොදටම දන්න නිසා..

සහීම අභීත ඇවිත් කෝල් කරනකන් බණ්ඩාරවෙලට වෙලා ඉද්දි හේෂ් කොළඹ එයාගෙ වැඩත් එක්ක බිසී උනා. ඒ කොච්චර බිසී උනත් හේෂ් පුලුවන් හැමවෙලේම සහීමට කෝල් කලේ මැසේජ් කලේ මේ ටික දවසට හේෂ්ගේ ජීවිතේට සහීම ගොඩාක් ලං වෙලා  හිටපු නිසා.

Default Title -  අයිස් කොෆී 🧋🧋   ( Complete Bl Story ✔️✔️ )Where stories live. Discover now