21

1.1K 142 13
                                    

සීතලම සීතල පාන්දර සහීම ඇහැරුනේ හේෂ්ගෙ හීටරේ වගේ උනු පපුවෙන් ඈත් වෙලා. මොකද දැන් ආයෙම හේෂ්ව මයෝන් ඉන්න රූම් එකට යවලා මනූකව ඒකට ගෙන්නගෙන අම්මට දොර අරින්න ඕනි නිසා.. සහීම හේෂ් එක්ක මේ කාබරේ ඉන්න එක අම්මට ප්‍රශ්නයක් නොවෙන්න පුලුවන් උනත් මේ සිටුවේශන් එකත් එක්ක සහීමගෙ හිතට එකගව හේෂ් රෑ හිටියේ එයා එක්ක එකම රූම් එකේ කියලා අම්මට පෙන්නන්න හිත හදාගන්න බෑ.. ඒ නිසාම හේෂ් කෙදිරි ගගා ආයෙ නිදාගන්න හදනකොටත් මයෝන් මනූකව උස්සන් ඇවිත් සහීම ඉන්න කාබරෙන් තියලා හේෂ්ව ඇදගෙන ඒ රූම්  එකට ගිහිල්ලත් ඉවරයි.

" ගුඩ් මෝර්නින් පුතාලා... ඔයාලට තේ හදලා උණු වතුර බෝතලේට දාලා තියෙන්නෙ.සහීම මේ දරුවන්ට තේ දාලා දෙන්න හරිද... තේ බීලා වොශ් දාගෙන කට්ටියම උදේට කාලා තමයි යන දිහාක යන්නෙ හරිද. ඔයාලට කන්න තෝසෙ හැදුවා මම. "

කට්ටියම නැගිටලා එලියට එනකොට ගීතිකා රෝසපාට  බතික් සාරි එකකුත් ඇදලා ඉස්කෝලෙ යන්න කොන්ඩෙ පීර පීර හිටියෙ.. ඉතිං නැගිටලා ඉන්න දරුවො ටික දැකලා එයා එහෙම කිව්වේ මේ ටිකේ සෙමිනා නැත්තම් අද ඉන්නවා කියලත් කියන ගමන්.

" අනේ කමක්නෑ ආන්ටි ඔයාලා යන්න කොහොමත් අපි දැන් එළියට ගිහාම ආයෙ එන්නෙ ඉතිං රෑ වෙලානෙ.. "

හේෂ් එහෙම කිව්වම ගීතිකා හේෂ් ළගට ඇවිත් ඔලුව අත ගාගෙනම දැනටමත් නිහාල් ස්ටාට් කරලා තියෙන කාර් එකට නැග්ගේ හැමෝටම අතවනාගෙන..

" එහෙනම් පරිස්සමෙන් ළමයි.... හවසට හම්බෙමූ "

නිහාලුත් එහෙම කියලා කාර් එක පාරට දාලා ඉස්කෝලෙ පැත්තට හරවලා නොපෙනී ගියා..

" ට්‍රේන් එකට වඩා කාර් එකේ යන එක ඉක්මන් අනේ.. එතකොට අපිට කැමති වෙලාවක ගෙදර එන්න පුලුවන්.... "

වොෂ් දාලා ලෑස්ති වෙලා කට්ටිය කෑම කනගමන් කතා උනේ ට්‍රේන් එකට වඩා කාර් එකේ යන එකේ පහසුව ගැන.. තුනට එකේ අනුපාතෙට චන්දෙ දිනුවේ කාර් එකේ යන්න නිසා කෑම කාල හැමෝම ගොඩ උනේ මනූකගේ කාර් එකට... හැමදාම වගේ මයෝන් ඩ්‍රයිවර් වෙද්දි සහීමයි හේෂුයි පිටිපස්සෙන් නැගගත්තා...

Default Title -  අයිස් කොෆී 🧋🧋   ( Complete Bl Story ✔️✔️ )Where stories live. Discover now