" හලෝ බේබියෝ..... උදේ 10ට ogf එක් ලගට එන්න හාත..... මම බලන් ඉන්නවා සුදු මහත්තයා එනකන් "
හැමදාම වගේ අදත් සහීම ඇහැරුනේ මනූකගෙ ගුඩ්මෝනින් කෝල් එකට...වෙනදා ජාතිය අමතන මනූක අද සිල් අරන් වගේ කතා කරන නිසා සහීමට හිනා යන්න ආවත් හිනා උනේ නැත්තෙ මනූක එක්ක තාම තරහයි කියලා මනූකට මතක් කරන්න වගේ. එහෙම්මම කෝල් එක කට් කරපු සහීම මැසෙන්ජර් එක ඕපන් කලේ හේෂ් මැසේජ් දාන්නෙ ඒකෙන් නිසා.. ඊයෙ ගෙදර ගියා කියලා කෝල් කරාට පස්සෙ හේෂ් ආයෙ මැසේජ් දාලා තිබ්බෙ නැති නිසා උදේවත් මැසේජ් එකක් දාලා ඇති කියලා හිතලා ඇප් එක ඕපන් කලත් හේෂ්ගෙ මැසේජ් එකක් තිබ්බෙ නැති නිසා සහීම ෆෝන් එකත් චාර්ජ් එකට දාලා ලෑස්ති වෙන්න ගියෙ අටහමාරත් පහුවෙලා නිසා.
Last night **********
" හේෂ්..... පොඩ්ඩක් පහලට එනවා... හේෂ් "
රාජේන්ද්ර ඔෆිස් ගිහින් ආවගමන් හේෂ්ට කතා කරන්නෙ හොදකට නෙවේ කියලා දන්න සුපිපි හේෂ්ට කලින් එතෙන්ට ආවෙ මොකද ප්රශ්නෙ කියලා බලන්න
" ඇයි රාජේන්ද්ර... දරුවා නිදි ඇති. හවසනෙ ආවෙ. මොකක්ද ප්රශ්නෙ.. "
සුපිපි එහෙම කිව්වෙ හේෂ් නිදාගන්න යනවා කියලා උඩට ගිය පාර තාම ආවෙ නැති නිසා
" හහ්... උටයි මටයිද සුපිපි ප්රශ්න නැත්තෙ.. ආයෙ ප්රශ්නයක් වෙන්න කලින් මේ ඒක නැති කරගන්න තමයි මම මේ හදන්නෙ.. ඒ නිසා ඔයත් මාත් එක්ක නිකන් රණ්ඩු වෙන්නැතුව ගිහින් පුතණ්ඩියාව එක්කන් එන්න "
රාජේන්ද්ර සුපිපිට එහෙම කියනකොට සුපිපි කලකිරීමකින් වගේ රාජේන්ද්ර දිහා බලලා උඩට ගියේ දෙන්නා එක්ක රණ්ඩුවක් වෙන්නනම් එපා කියලා දෙවියන්ට කියන ගමන්..
" ඇයි තාත්තා.. මට පොඩ්ඩක් රෙස්ට් කරන්න ඕනි.. අනේ ප්ලීස් ඔලුවනම් කන්න එපා.. "
හේෂ් එහෙම කිව්වෙ රාජේන්ද්ර එක්ක හොදින් කතා බහක් ඉවර උන දවසක් හේෂ්ට මතකවත් නැති නිසා..
" අනෙ නෑ පුතේ.. පුතාගෙ ඔලුව මම කන්නෑ.. මගෙ පුතා මගෙ ඔලුව කෑවොත් මිසක් "
රාජේන්ද්ර එහෙම කියනගමන් හේෂ් දිහා බැලුවෙ කින්ඩියට වගේ..
" අනේ රාජේන්ද්ර දැන් මොකක්ද ඔයාට කියන්න ඕනි පුතාට "
YOU ARE READING
Default Title - අයිස් කොෆී 🧋🧋 ( Complete Bl Story ✔️✔️ )
Romanceඑයාව වෙනස් කරන්න සහීමට පුලුවන් වෙයිද ?