හේෂ් එක්ක ඇස් පැටලෙන හැමවෙලේම සහීම කලේ ඉක්මන්ට බිම බලාගත්ත එක.. ඒ කොච්චර බිම බැලුවත් සහීම ආයෙම ඔලුව උස්සනකොටත් ඒ ඇස් සහීම දිහාම බලන් ඉද්දි සහීමගෙ හාට් එකත් පිස්සු කෙලිනවා කියලා සහීමට දැන් තේරුනා.ඒත් ඒකට හේතුව මොකක්ද කියලා සහීමට හිතාගන්න බෑ..
" මන්නම් කියන්නෙ බොමු බං. වැටෙන්නම බොන්න ඕනි "
' තොට පිස්සුද ගෑණියේ උබලෑ මහ උත්තමයයි අර ගිනිපුග්ගාය තියෙන අයියයි දැක්කොත් මට විසුමක් වෙන්නෑ '
" එයාලට පේන්න කවුද බං බොන්නෙ.. අම්මිත් නැන්දලා එක්ක කෝප්පයක් හෝදනවා.ඒ කියන්නෙ ඉතිං ආයෙ මාව හොයන්නෙ කාර් එකට නැග්ගද කියලා බලන්න විතරයි.. ප්ලීස් බං සුට්ටක් බොමු.. සහීම බබා අනේ ඕයි මුට කියපන්කෝ පොඩ්ඩක් බොමු කියලා "
සිංදුව ඉවර වෙලා හේෂ් ෆ්ලෝ එකෙන් ගිහින් හිටියත් තාම ෆ්ලෝ එක දිහා බලන් ඉන්න සහීම හරි සිහියට ආවෙ හේසුයි මනූකයි පුරුදු විදිහට උන් දෙන්නගෙ බෙලිකටු මලු දෙක හොලවනකොට.
" ඒ එපා නේද හේසු , දැන් අපි මෙතන බීලා චොර උනොත් එහෙම ඒක අභීත අයියට හොදනෑනෙ.. ඒ නිසා බොන එක අපි කල් දාමු නේ "
බොන්න පොරකන හේසුට සහීමත් එහෙම කිව්වම කෙල්ල ඔලුව වනලා කට පියාගත්තා
" එහෙනම් යමල්ලකො නටන්නවත්.. උඹලා මොන එහෙකට මගුල් ගෙවල් වල එනවද මංදා.. අනේ යන්කෝ මනූක සහීම අනේ .. "
ඒ පාර නටන්න පොරේ.. මේකි එක්ක බේරෙන්නම බැරි තැන සහීමයි මනූකයි ඩාන්සින් ෆ්ලෝ එක පැත්තට ඇවිදන් ගියා.. ඒ වෙද්දිත් සුමිහිරි පානෙ පදමට වඩා ටිකක් වැඩියෙන් ගහපු කීප දෙනෙකුත් ඩාන්ස් කරන්න පටන් අරන් තමයි තිබ්බෙ. ඉතිං බෑන්ඩ් එක ප්ලේ කරන බීට් වලට කෙනෙක්ට බලන් ඉන්න පුලුවන් විදිහට පැද්දෙන්න තුන්දෙනාටම නොඅඩුව පුලුවන් නිසා ශේප් එකෙ තුන් දෙනා එක්ක ඩාන්ස් පාරක් දදා හිටියා..
YOU ARE READING
Default Title - අයිස් කොෆී 🧋🧋 ( Complete Bl Story ✔️✔️ )
Romantizmඑයාව වෙනස් කරන්න සහීමට පුලුවන් වෙයිද ?