📞.. හෙලෝ මසියා කොහෙද ඉන්නේ.
📞.. ඔෆිස් එකේ හේසු කියන්න.
📞.. උප්ස් කොල්ලා දැන් ඉදන්ම පවුල් ව්‍යාපාරයේ චිරස්තතිය උදෙසා බොක්කෙන්ම වැඩ නේ....
හේසු ඒ කිව්ව දේට සහීම හිනා වෙද්දි ඔෆිස් ඔෆිස් එකේ හැමෝම බැලුවේ සහීම දිහා. එතකොට තමයි සහීමට මතක් උනේ අහ් මම ඉන්නෙ ඔෆිස් එකේනෙ කියලා..
📞.. අනේ අනේ මොන තතියක් උදෙසාවත් නෙවේ අහිංසක මගේ අනාගතේ සාක්ෂාත් කරගැනීම උදෙසා තමා මම මේ වැඩ කරන්නෙ මිස් හේසු.
📞.. අමෝ අමෝ ලොකු මහත්තයා හොද අහිංසක මම ඊයෙත් දැක්කා අපේ අයියා ශර්ට්ලස් ඉන්නකොට පිට පුරා පහුරුගාපු පාරවල් වාගයක්.
හේසු එහෙම කියනකොට සහීමට තේරුනා එයාගෙ කන් දෙක රතු වෙලා යනවා වගේ..
' මොන මගුලට මේ මනුස්සයා ශර්ට් නැතුව ඉන්නවද මංදා මගුල. ආයෙ කියන්න ඕනි ශර්ට් එක නැතුව හිටියොත් මරලා හංගලා අඩ අඩ හොයනවා කියලා. ඇයි රෙද්ද ඔක්කොම හරි මේකිගෙ බෙලිකටු මල්ලෙන් බේරෙන්න බෑ කියලා බූරුවහන්සේ දන්නවනේ හොදාකාරවම'සහීම එහෙම හිතුවේ හේසු තාමත් හක හක ගගා හිනා වෙද්දි.
📞.. හැක හැක තමා මම හූරපු හුට්ටක් නෑ.. ඉදපන්කො මම බලාගන්නම් ඒක. දැන් ඇයි කතා කලේ කියනවකෝ. මට වැඩ තියෙනවා.
📞.. ආ ඇත්තදූ .. ලොකු සෑර්ට වැඩද. එහෙනම් අහගන්නකෝ මේ බදාදා හේසුගේ විසි හතරවෙනි උපන්දිනය. උඹලට තාම විසි තුනක් උනාට මට විසිතර ලබනවා... ඊයා පොඩි උන්... සෝ ඒ ප්‍රීතිය නිමිත්තෙන් මම බලුකපුටු දානයක් දෙනවා. ඒකට එන්න කියන්න ගත්තේ.
හේසු , මනූක , සහීම එක වයසේ උනට ඒ තුන් දෙනාගෙන් මුලින්ම උපන්දිනේ එන්නේ හේසුගෙ ඒ නිසා හේසු හිතන් ඉන්නේ එයා තමා ඒ දෙන්නගෙ අක්කා කියලා.
" සහීම ඔයා එනවා නේද බදාදා අපේ නංගියේ බර්ත්ඩේ එකට "
ගෙදර යන්න බෑග් එක පැක් කර කර ඉද්දි එතනින් යනගමන් හිටපු අභීත සහීමව දැකලා කතා කරන්න නැවතුනේ එහෙම අහගෙන.
" ඔව් ඔව් ආවෙ නැත්තම් ඕකි එක්ක වසන්න ඈ අභීත අයියේ.ඒ නිසා එන්නම එපෑ "
YOU ARE READING
Default Title - අයිස් කොෆී 🧋🧋 ( Complete Bl Story ✔️✔️ )
Romansaඑයාව වෙනස් කරන්න සහීමට පුලුවන් වෙයිද ?