50 🧋

822 101 19
                                    

ක්‍රීම් පාට ශෝටට නිල් පාට ආම් කට් එකත් දාගෙන සහීමගෙ පන හා සමාන කලු පාට ඩෙක් ශූස් දාලා මූණට වැටෙන කොන්ඩ ටික අල්ලලා වෝටර් බෑන්ඩ් එකකුත් දාගත්ත සහීම  පර්ෆියුම් බෝතලේම හලාගද්දි සහීම හැම වෙලේම නැති වෙලා හොයන  ස්පෙක්ස් දෙක අරගෙන කාබරේට එබුනෙ ගීතිකා.

" ආ පුතා ඉතිං ඔයා කෑම මොකුත් එපා කිව්ව නිසා කෑම හැදුවෙ නෑ හරිද "

" හරි හරි සුදු මැණිකේ මනූක කිව්වනෙ කෑම ගැන වොරි වෙන්න එපා කියලා , ඔයාගෙ සුදු මාත්තයා බඩගින්නේ ඉන්නෙ නෑ කෙල්ලේ "

සහීම එහෙම කියලා ගීතිකාගෙ කම්මුලකට කිස් එකක් දෙද්දි ගීතිකා සහීමගෙ උරහිසට පාරක් දුන්නේ හිනා වෙවී..

" කෝලන් කරන්න එපා සුදූ... දැන් මනූකලාගෙ ගෙදරට යන්න වීල් එකකට කතා කරාද "

" ඊව් අම්මා කවුද අනේ වීල් වල යන්නේ , මම කෙලින්ම පික් මී දාගන්නේ .. අනේ මංදා අම්මා ඔයානම් "

සහීම ගීතිකාට ඇහැකුත් ගහලා  ඩ්‍රැමටික් විදිහට  කියන ගමන් පික් මී එකක් දාගත්තෙ උදේ අට වෙද්දි මනූකලාගෙ ගෙදරට එයාට එන්න කියලා මනූක කිව්ව නිසා. මොකද යන අනික් අය අරන් මනූකලාව ගන්න වෑන් එක එන්නේ එහෙට නිසා සහීම උදේ ලෑස්ති උනේ මනූකලාගෙ ගෙදර යන්න. කොච්චර ඇහුවත් කවුද යන්නෙ කියලා මනූකගෙන් දැනගන්න පුලුවන් උනේ හේසු යනවා කියලා විතරයි.මනූක කොච්චර නොකියා හිටියත් සහීමගේ හිතේ කොනක මේ ගමනට හේෂ් යයි කියන විශ්වාසෙත් තියෙන නිසා රැයවල් දෙකක් තිස්සෙ සහීම ඒ අවස්ථාවට ෆේස් කරන්න පුරුදු උනා කිව්වොත් හරි.

" සුදූ එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න , මායි තාත්තයිත් දහයට විතර යනවා ඔයා ආපහු මෙහෙ ඇවිත් පහුවදාම බණ්ඩාරවෙල එන්න ඕනි හරිද ,.. මට කෝල් කර කර හෙට එන්නම් අනිද්දා එන්නම් කියන්න තියාගන්න එපා පුතේ ඈ.... ආ අනික තමා අරහෙන් මෙහෙන් නාන්න තියාගන්න එපා  හොටෙල් එකෙන් ඇරෙන්න , .මං කෝල් කරනකන්ම ඉන්න එපා කෝල අරන් මට කියන්න ... තව... "

" හයියෝ ගීතිකා ඔය දරුවට යන්න දෙන්න අනේ , අර කාර් එක ඇවිත් ඔතන ඉන්නවටත් මේ ළමයට සල්ලි ගෙවන්න වෙයි , සහීම ඔයා පරිස්සමෙන් ගිහින් ඇවිත් ගෙදර එන්න , දැන් යන්නකො "

Default Title -  අයිස් කොෆී 🧋🧋   ( Complete Bl Story ✔️✔️ )Where stories live. Discover now