ටක්...ටක්....ටක්.. ටක්..
දොරට තට්ටු කරන සද්දෙට හේෂ් ගැස්සිලා ඒ පැත්ත බැලුවේ මේ වෙලාවෙ කවුද කියලා හිතන ගමන්.. කිසිම හැගීමක් නැතුව මෙච්චර වෙලා සිවිලිම දිහා බලන් ඉදලා කියලා හේෂ්ට තේරුනේ සිවිලිමේ තිබ්බ ඇස් දොර දිහාට ගිය නිසා.
" හේසූ.... ඇයි "
හේෂ් දොර අරිද්දිම දොර ඉස්සරහ හිටිය ඒ ඇස් මග ඇරලා හේෂ් කතා කලේ හේසුට වෙද්දි මනූකට අත මිටමෙලවුනේ මේකට දෙකක් අනින්න තිබ්බනම් කියලා හිතන ගමන්.
" ඇයි අහන්නෙ අයියා. අපි වෙනදටත් මේ විදිහට තමුසෙගෙ කාබරේට එනවනේ. එහෙම විශේෂයක් නෑ... කෝ අයින් වෙනවා "
දොර ගාව හිටගෙන ඉන්න හේෂ්ව අයින් කරගනෙම හේසු ඇතුලට ගියේ පිලිවෙලට මනූකයි සහීමයි කාබරේට එද්දි..
" මෙච්චරයි වෙන්න ඕනි අයියා.... ඔයාලා දෙන්නා අතර මොකක්ම හරි අවුලක් තියෙනවනම් ඒ අවුල මේ දැන්ම ලිහාගන්න ඕනි. ආයෙ ඔයා නිසා මේකා ඇඩුවොත් සිරාවට කියන්නෙ කවදාවත් මම මූට ඔයා එක්ක සම්බන්දයක් අරන් යන්න දෙන්නෑ. හොදද "
සහීමව තල්ලු කරලා වගේ හේෂ්ගෙ ඇදේ ඉන්දවපු හේසු හේෂ් දිහා රවාගෙන බලන ගමන් කතා කරද්දි මනූකත් ඒ හා සමාන බැල්මකින්ම හේෂ් දිහා බලන් හිටියා.
" එහෙම මොකුත් ප්‍රශ්නයක් නෑ හේසු , මම මේ ටිකේ බිසී ඒ ඇරෙන්න වෙන මොකුත් නෑ... "
" හරි ඒක මට කියලා වැඩක් නෑ ඒක ඔයා සහීමට තේරුම් කරන්න... ඒ මනූක වරෙන්කො අපි දෙන්නා බැල්කනියට යමන් "
හේසු එහෙම කියලා මනූක එක්කම තිර රෙදි අස්සෙන් පේන්නැතුව යද්දි මෙච්චර වෙලා සහීම හිර කරන් හිටිය ඉකියකින් හේෂ්ගෙ මුලු කාබරේම පිරිලා ගියා.
" සහීම ..... "
හේෂ් සහීමගෙ නම කියද්දි කම්මුල් දිගෙ බේරුනු කදුලුත් පිහදාගෙනම සහීම වාඩි වෙලා හිටිය තැනින් නැගිට්ටා.
" ඔව් කියන්න හේෂ්.... "
ඒකටනම් හේෂ් ටිකක් ගැස්සුනේ මෙච්චර කාලෙකට සහීම හේෂ්ට නම කියලා කතා කරපු පලවෙනි පාර මේක නිසා..
" අහ්... නෑ මම මේ කියන්න හැදුවේ... "
හේෂ් වචන අහුලද්දි සහීම කලේ හේෂ්ගෙ ඇස් එයාගෙ ඇස් එක්ක පටලගන්න උත්සහ කරපු එක.
YOU ARE READING
Default Title - අයිස් කොෆී 🧋🧋 ( Complete Bl Story ✔️✔️ )
Romanceඑයාව වෙනස් කරන්න සහීමට පුලුවන් වෙයිද ?