29 🧋

840 118 17
                                    

" බෑ... බෑ මට අයිස් කොෆී ඕනි ඕනි ඕනිමයි... "

" සහී... දැන් එක පාරක් කිව්වා ඔයාට කූල් බොන්න හොදනෑ කියලා. බලනවා කතා කරගන්නත් අමාරුයි.. හොදටම හෙම්බිරිස්සාව"

" ඒකට කමක්නෑ. මට අයිස් කොෆී ඕනි එච්චරයි "

සහීම හේෂ් එක්ක කියවගද්දි හේසුයි මනූකයි මයෝනුයි මාරුවෙන් මාරුවට ඒ දෙන්නා දිහාට බෙල්ල කැරකුවේ කොමඩි ෆිල්ම් එකක් බලනවා වගේ හිනා වෙවී.. හේෂ්ගෙ කේන්තිය සහීමගෙන් පිට කරගන්න බැරි නිසා හේෂ් දවා අලුකරන බැල්මක් හිනා වෙන තුන් කට්ටුවට දාද්දි මෙච්චර වෙලා හිකි හිකි ගහා හිනා උන සැට් එක බඩත් අල්ලන් හිනා වෙද්දි හේෂ් නැගිටලා ගියේ අයිස්කොෆී ඕඩර් කරන්න.

එක එක ප්‍රශ්න , එක එක වැඩ  මේ සේරම එක්ක බිසී වෙලා හිටිය කට්ටිය කාලෙකින් මේ එකතු උනේ කැෆේ එකකට..

" දැන් මොකෝ හේසු ගෙවල් පැත්තෙ තත්වෙ. "

හේෂ් එතනින් ගියාට පස්සෙ මනූක එහෙම ඇහුව නිසා මොකක් ගැනද  ඒ  ඇහුවෙ කියන්න හේසුට තේරුනා.

" අනේ මංදා බං දැන් හැමදාම වගේ අර නාකි වහන්තරාව අර උරචක්කරමාල දෙකත් ඇදගෙන අපේ ගෙදර එනවා... මමනම් කතා බහක් නෑ. අපේ අම්මටත් එපා වෙලා දැන්. එයා අශිනිට පොඩ්ඩක්වත් කැමති නෑ. ඒත් ඉතිං මක්කරන්නද තාත්තාට උඩින් අම්මා යන්නෑනෙ බං "

හේසු එහෙම කියද්දි සහීම පපුව පිරෙන්න හුස්මක් අරන් ඒක පහලට දාලා හේසු එක්ක හිනා උනා.

" හැබැයි අපේ අම්මා හැම වෙලේම අර සුදු දරුවා ලස්සනයි නේද හේසු , හරි වැදගත් පාටයි , බණ්ඩාරවෙල නේද.. යැයි යැයි ගගා ප්‍රශ්නනම් අහනවා පුතෝ ඈ........... "

සහීම දිහා බලලා කටත් ඇද කරලා හේසු කියද්දි මයෝනුත් මෙච්චර වෙලා වහගෙන හිටිය බෙලිකටු මල්ල හෙල්ලුවේ මනූක දිහා බලන්නැතුව. මොකද ඉතිං මනූක දිහා බැලුවොත් මනූක රවන රැවිල්ලට මල්ල දිග අරින්න කලින් අකුලන්න වෙනවා කියලා කොල්ලා දන්නවනේ.

" අම්මෝ මුගෙ වැදගත්කම දන්නෙ අපිනේ.... මූ මේ නැන්දම්මට පානිය දාලා අල්ලගන්න වගෙ හදන්නේ. යසයි යසයි පොඩි බේසික කොල්ලා..අපෙ අහිංසක හේෂ් කොල්ලව අල්ලගත්තා වගේ හිතන් ඇති නැන්දම්මවත් අල්ලගන්න.. හැබැයි කොල්ලෝ නැන්දම්මව අල්ලගත්තට මාමණ්ඩිවනම් අල්ලනවා බොරු.. මතකනේ හේසුවෝ එක පාරකුත්.......... ක්ක්හ්.. ක්ක්හ් "

Default Title -  අයිස් කොෆී 🧋🧋   ( Complete Bl Story ✔️✔️ )Where stories live. Discover now