16

1.2K 166 16
                                    

" සහීම... උඹට මොනාහරි මට කියන්න ඕනිනම් මම ලෑස්ති අහන්න.. ඒ වගේම තමා උඹට ඇස් පියාගෙන උනත් මාව ට්‍රස්ට් කරන්න පුලුවන් "

ගෙදර යන්න කාර් එකට නැග්ග වෙලේ ඉදන් මනූකගෙයි සහීමගෙයි අතරෙ කවදාවත් තිබුනෙ නැති තරම් තිබ්බ නිහැඩියාව බින්දෙ මනූක.. ඒ වගේම තමා ඒ ප්‍රශ්නෙ මනූක දැන් අහයි දැන් අහයි කියලා සහීම බලාපොරොත්තු උන එකක්.

" ම්ම්ම් මට උඹව ට්‍රස්ට් කරන්න කියලා උඹ කියන්න ඕනි නෑ යකෝ.. මෙච්චර කාලෙකට හම්බුන යාලුවන්ගෙන් මට ට්‍රස්ට් කරන්න පුලුවන් එකම එකා උඹ ඒ නිසා එහෙම දේවල් කියන්න එපා මනූක... මටත් හිතාගන්න බෑ මට මොකද වෙලා තියෙන්නෙ කියලා "

දාගෙන හිටිය සීට් බෙල්ට් එක දිගේ අත එහාට මෙහාට අරන් යනගමන් සහීම එහෙම කිව්වේ ඇත්තටම මේ වෙන දේවල් මොන හැගීමකට සිද්දවෙනවද හේෂ් එක්ක සහීම මොන විදිහෙ බැදීමක්ද මේ තියෙන්නෙ කියලා සහීමට ඇත්තටම තාම පිලිගන්න බැරි නිසා.. මොකද හේෂ් කියන්නෙ පිරිමි ළමයෙක්.

" ම්හ්.. මේ අහපන් සහීම...... "

මනූක කියන්නෙ සහීමව තේරුම් ගන්න පුලුවන් හොද යාලුවෙක් ඒ නිසා මේ වෙලාවෙ සහීම ඉන්න සිටුවේශන් එක මනූකට හොදටම තේරෙනවා.. මේ වෙලාවෙ කරන්න පුලුවන් ලොකුම දේ සහීමට එයාව තේරුම් ගන්න උදව් කරන එක කියලා මනූකට හිතුන නිසා මනූක වෙහිකල් එක පාරෙන් අයින් කරන් නැවැත්තුවේ සහීම එක්ක ටිකක් කතා කරන්න..

" හරි දැන් අපි පොඩ්ඩක් කතා කරමු. "

මනූක එහෙම කියලා සීට් බෙල්ට් එකත් ගලවා සහීම පැත්තට හැරුනා.

" ම්ම්ම්ම්ම්ම්ම්...... "

" දැන් මට කියපන් කවදා ඉදන්ද මේ දේවල් සිද්ද වෙන්නේ.. වෙඩින් එක දවසෙ ඉදන්මද "

" එදා හේෂ් අයියාව දැක්කම මට අමුත්තක් දැනුනා තමයි.. ඒ කියන්නේ එතන හිටිය අනික් අයට වඩා මට එයාව දකින්න ඕනි වගේ එකක් තිබ්බා. ඒත් ඒක එහෙම උනේ මම වෙඩින් එකට යද්දි මුලින්ම හම්බුනේ එයා වෙන්න ඇති කියලා හිතලා මම ඒක ගනන් ගත්තෙ නෑ. "

සහීම දෙවියන් වහන්සේ ලගට ගිහින් අපි වැරැද්දක් පාපොච්චාරනය කරනවා වගේ බිම බලාගෙන මනූකට කියාගෙන කියාගෙන ගියා.

Default Title -  අයිස් කොෆී 🧋🧋   ( Complete Bl Story ✔️✔️ )Where stories live. Discover now