" තාත්ති...අයියා යාලුවො එක්ක යනවනම් මාත් එක්ක යනවා හොදද "
රෑට කෑම කන්න මේසෙට ආව රාජේන්ද්‍ර නලලට ඇගිලි දෙක තියලා පොඩි කරගත්තෙ හැමදාම වගේ හේසු කෑ ගහන්න ගත්තු නිසා.
" ඒ පාර මොකක්ද හේසු කියන්නෙ. දැන් කාවද එක්ක යන්න ඕනි ඔයාට.. අනික මයෝන්ලා මතක ඇති කාලෙක ඉදන් අපි එක්ක මේ ගමන යනවනේ නේද "
අද හේසු මේ අර අදින්නේ හේෂ්ලගෙ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා ඒ කියන්නේ රාජේන්ද්‍ර ෆැමිලි එකයි දේවප්‍රිය ෆැමිලි එකයි අභීතගෙ ෆැමිලි එකයි නිර්මලාගෙ ෆැමිලි එකයි හේෂ්ගෙ අතිජාත මිතුරු කැලයි හැම අවුරුද්දෙම යන ෆැමිලි ට්‍රිප් එකට එයාගෙ යාලුවෙකුත් එකතු කරගන්න. තාම ඒ යාලුවා කවුද කියන්න නම නොකිව්වට සුපිපි වගේම හේෂුත් දන්නවා මෙයාට මේ කාවද එක්ක යන්න ඕනි වෙලා තියෙන්නෙ කියන්න.
" ඔව් ඔව් එයාලා යනවා තමා. ඉතිං මට මේ පාර ඉදන් මගේ මස්.. අහ්...ක්හ්...මේහ් මගේ යාලුවෙක් එක්ක යන්න ඕනි... "
හේසුට කියවෙන්න ගිය දේ කැස්සකින් ගිලිද්දි හේෂ් ඇස් ලොකු කරලා හේසු දිහා රවාගෙන බලන් හිටියෙ රාජේන්ද්‍රට මේ වගක ඉව වැටුනොත් මේවා හිතනවට වඩා වෙනස් විදිහට ඉවර වෙයි කියලා දැනුන බය නිසාමයි.
ගිණි පෙල්ලෙන් බැට කාපු මිනිහා කලාමැදිරි එලියටත් බයයි කියනවා වගේ සල්ලි ඉස්සරහට දාලා රාජේන්ද්‍ර කරපු කියපු දේවල් නිසා රාජේන්ද්‍රව එපාම වෙලා ඉන්න හේෂ් මේ වෙන දේවල් මෙච්චරටම ඉවසන්නේ සහීමට තියෙන ආදරේ නිසාමයි... හේෂ්ගෙ හිතේ හැගීම් හොරකම් කරන්නේ එයාගෙම ජෙන්ඩර් එකේ අය කියලා මුලින්ම දැනගන්නකොට එයා අමුතු කෙනෙක් කියලා එයාම හිතාගද්දි මේ ලෝකෙ එහෙම දේවල් සිද්ධ වෙනවා , ඒවා මේ රටට මැජික් උනාට දියුණු රටවල් වලට සාමාන්‍ය දෙයක් කියන එක ලොකු වෙන්න ලොකු වෙන්න තේරුම් ගත්ත හේෂ් එයාට එයාම වෙන්න ඉඩ ඇරියා. හැබැයි හේෂ් එයා එයා විදිහට පිලිගත්තත් හේෂ්ගේ අංක එකේ බිස්නස්මන් තාත්තා ඒ දේවල් දැන ගත්තට පස්සේ හේෂ් දිහා බැලුවේ මානසික ලෙඩෙක් , පිස්සෙක් දිහා බලනවා වගේ හැගීමකින්. සුපිපි එයාගෙ පුතාව පිලිගද්දි , හේසු එයාගෙ අයියව පිලිගද්දි රාජේන්ද්‍රගෙ අකමැත්ත උඩ සුපිපිටත් හේෂ්ගෙ හිත සනසන්න උනේ හොරෙන්. හැමදාම රාජේන්ද්‍ර කියන කැත කතා අහන් ඉන්න බැරි තැනම ටීන් ඒජ් එක ඉවර වෙනවත් එක්කම වගේ හේෂ් ඕස්ට්‍රේලියා ගියේ එහෙ ඩිග්‍රි එක කම්ප්ලීට් කරන්න.. රාජේන්ද්‍රත් ඒ දේට ඕකේ එක දුන්නේ එහෙම ගිහින් ඉද්දි හේෂ්ගෙ ඔලුවෙන් මේ මනස්ගාත නැති වෙයි කියලා හිතලා..... ඒත් නොහිතපු අය හේෂ්ගේ ජීවිතේට ලං වෙද්දි , එයාලා නොහිතපු දේවල් කරද්දි , හේෂ්ගේ ජීවිතේට රාජේන්ද්‍ර ඇගිලි ගහද්දි කරදඩු උස් මහත් වෙන හේෂ්ගෙ හිතේ රාජේන්ද්‍ර ගැන තිබ්බ කේන්තියට කලකිරීමකුත් එකතුවෙලා ඒ තාත්තගෙයි පුතාගෙයි සම්බන්දෙ වචන දෙක තුනකට සීමා උනේ එතනින් එහාට කතා කලොත් එතන රණ්ඩුවක් ඇති වෙන්න තිබ්බ සම්බාවිතාව වැඩි නිසා..
YOU ARE READING
Default Title - අයිස් කොෆී 🧋🧋 ( Complete Bl Story ✔️✔️ )
Lãng mạnඑයාව වෙනස් කරන්න සහීමට පුලුවන් වෙයිද ?