හේෂ්ගෙ රූම් එකේ දොර ලගට ගිහින් මනූක දොරට තට්ටු කරද්දි මයෝන් ඇවිත් දොර ඇරියා.
" hey බේබි.. එන්න එන්න ඔයාට මම කෝල් ගත්තා ඔයා ආන්සර් කරේ නෑනෙ අනේ.. අහ් සහීම මල්ලි එන්න එන්න ඇතුලට ලැජ්ජා වෙන්න එපා ඔයාගෙ රූම් එක කියලා හිතාගන්නකෝ "
දොර ඇරපු ගමන් මයෝන් කටට බ්‍රේක් එකක් නැතුව කියවගෙන කියවගෙන යනකොට මනූක කලේ මයෝන්ට රවාගෙනම රූම් එක ඇතුලට ගිය එක. ඉතිං සහීමත් එයා පිටිපස්සෙන්ම ඇතුලට ගියා..
" ඒහ් වෝහ්..... මනූකයෝ මේ රූම් එකනම් මරු යකෝ... අඩෝ මේ කලස්.. ජස්ට් වාව්... "
එදා රෑ කලබලේට රූම් එකට ආව සහීම අද නිවීහැනහිල්ලේ හේෂ්ගෙ රූම් එක පුරාම ඇස් කැරකුවේ ඒ කාබරේ තිබ්බ පිලිවෙලට ලස්සනට වහ වැටිලා වගේ.. ඒ ලස්සන නිසාම තමයි සහීම මයෝන්ට විතරක් ඇහෙන්න ඒ විදිහට කිව්වේ..
මුලු කාබරේම අලු & සුදු පාට ලෝකයක්. ගේ සාලෙ ඉදලා මේ කාබරේට එන මනුස්සයෙක්ට දැනෙන්නෙ මේක වෙනම ගෙයක් වගේ.. කාබරේ මැදට වෙන්න තිබ්බ බෙඩ් එක , ඇද පේන විදිහට වෝල් එකටම තියලා හදපු මිරර් එක. ඒක වටේම ලයිට්ස් , මිරර් එකට එහා පැත්තෙන් සැටියක්. එතකොට වෙනම ඇදට එහා පැත්තෙන් එහා මෙහා පේන්නැති ඝන වීදුරු දොරක් වොශ්රූම් එකට යන්න.සුදු පාට අලුපාට මික්ස් උන පෙදර් කාපට් එක ඇත්තටම ඒ රූම් එක පිස්සුවක්.
" අහ්..ම්ම්ම්.......... මොනවහරි දෙයක් දැක්කම කටත් ඇරන් බලන් ඉන්න එක පුරුද්දක්ද "
පුරුදු කටහඩක් පිටිපස්සෙන් ඇහුන නිසා මෙච්චර වෙලා ඇරන් හිටිය කටත් වහන් සහීම පිටිපස්සෙ හැරුනා.. සුදුපාට බොටම් එකකට ලා නිල් පාට සැහැල්ලු ටී ශර්ට් එකක් ඇදලා අත් දෙකත් බැදගෙන හිනා වෙවී ඉන්න හේෂ්ව මීට කලින් ඒ විදිහට දැකලා නැති නිසා සහීම හිනාවෙලාම බිම බලාගත්තා.
" මොකද අනේ ලැජ්ජා හිතුනද.. විහිලුවක් කලේ... ඇයි ඔයා ආසද මේ රූම් එකට ආ.. "
බිම බලන් ඉන්න සහිම ලගට ඇවිත් උරහිස්සට අත තියපු හේෂ් එහෙම ඇහද්දි සහීම ඔලුව උස්සලා හිනා උනා.
" ම්ම්ම්ම් ඔව් ලස්සනයි මම පට්ට ආසයි මේ කලස් දෙක මික්ස් වෙනවට අනේ... ඒක වෙනම වයිබ් එකක් ඉතිං මට ආස හිතුනා "
YOU ARE READING
Default Title - අයිස් කොෆී 🧋🧋 ( Complete Bl Story ✔️✔️ )
Romanceඑයාව වෙනස් කරන්න සහීමට පුලුවන් වෙයිද ?