හේෂ් කොච්චර කිව්වත් සහීමව ඩ්‍රොප් කරන්නම් කියලා සහීම එපා කියලා කිව්වේ හේෂ් දැන් ගෙදර යන එක තමා හොදම දේ කියලා හිතුන නිසා.. හේෂ් අකමැත්තෙන් උනත් ගෙදර යන්න කැමති උනේ අභීත අයියා සහීමව ඩ්‍රොප් කරන්නම් කිව්ව නිසා උනත් අභීත අයියා ඔෆිස් එකේ මැරිලා මැරිලා ආයෙ එයාවත් ගිහින් දාලා වටයක් ගහන් ගෙදර යනවටත් සහීම අකමැති උන නිසා සහීම බස් එකේ එල්ලිලා ගෙදර ආවා...
සහීමලාගෙ ගෙදරට හැරෙන පාරෙන් හැරෙන්න හදද්දිම සහීමට දැකලා පුරුදු කාර් එකක් කඩාගෙන බිදගෙන සහීමව පාස් කරන් යද්දි සහීම කොච්චර කල්පනා කරත් කාර් එක කාගෙද කියන්න මතක් කරගන්න අමාරු උන නිසා ඒ වැඩේ අත ඇරලා දැම්මේ ගෙවල් පැත්තට ගාටන ගමන්.. සහීමගෙ ස්කූටර් එක සර්විස් කරන්න දාලා නිසා මේ ටිකේම කොල්ලා බස් එකේ තමයි ෆැක්ට්‍රි එකට ආවෙ ගියේ..
📩 sahi ape thaththa oyalage affair eka gena danagenada oi
සහීමගෙ ෆෝන් එක වයිබ්‍රේට් වෙද්දිම ආපු මැසේජ් එක හේසුගෙන් වෙද්දි සහීම ඒත් කල්පනා කලා මොකෝ ඒ මැසේජ් එක පරක්කු කියලා...
📤 ou hesu. Ada office ekat avith mata katha kala.
සහීම මැසේජ් එක දාපු පරක්කුවට එහා පැත්තෙන් හේසු ගත්ත කෝල් එකට අද උන දේවල් කියනගමන් සහීම ගෙට ගොඩවෙද්දි දැක්කේ සෝෆා එකේ වාඩි වෙලා ඔලුව පිටිපස්සට කරන් ඉන්න මාමාව..
"අම්මා......... අම්මේ....... සුදු නැන්දෝ...... "
" කෝ යකෝ මේ ගෙදර මිනිස්සු... ඒ මාමේ... "
සහීම ෆෝන් එක කට් කරලා මාමට අනින ගමන් එතනින් වාඩි උනේ මොකක් නමුත් වෙලා කියලා සහීමට තේරෙද්දි. නැත්තම් මාමා මෙහෙම ඉන්න එකෙක් නෙවේනෙ.
" අම්මලා ශොපින් ගියා සුදු පුතේ තාත්තා එක්ක"
" ආ ඒක තමා එහෙනම්...... ඔයා මොකෝ මේ මූඩ් ගහලා.... හේ... ඔයාව කපලා ගිය එකට නේ.......... පව් ජෙයියනේ "
සහීම ඩිලාන්ට විහිලුවකුත් කරන් බඩට ඇනලා යන්න නැගිටිද්දි ඩිලාන් සහීමට කතා කලා.
" සුදු පුතා ඔහොම ඉන්නවා.. ඇවිත් මෙතනින් වාඩි වෙනවකො "
යන්න නැගිට්ට සහීම එහෙම්මම ඉන්ද උනේ සහීම ඩිලාන්ගෙ ඒ වොයිස් එක මීට කලින් අහලා නැති නිසා. කේන්තියක් නැතත් ඒ වොයිස් එක ටිකක් බර වොයිස් එකක්.
YOU ARE READING
Default Title - අයිස් කොෆී 🧋🧋 ( Complete Bl Story ✔️✔️ )
Lãng mạnඑයාව වෙනස් කරන්න සහීමට පුලුවන් වෙයිද ?