" අනේ මනූක අපෙ අයියා... "
" ඔව් ඉතිං ඇයි හේෂ් අයියට මොකද හේසු.. අඩන්නැතුව කියන්න හේසු මොකද උනේ.. "
මනූක මොනාද මේ කියන්නේ. ඇයි හේෂ් අයියට මොකද.. හේසු අඩන්නෙ ඇයි.. සහීමට මේ වචන ටික ඇහෙද්දි ඉබේටම අත ගියේ එයාගෙ කලිසම් සාක්කුවේ තියෙන ෆෝන් එකට...
" මනූක එයා ඊයෙ රෑ තාත්තා එක්ක රණ්ඩු වෙලා ගියා "
" අයියෝ.... ඒකද.. අනෙ බං ඕක මාසෙට දවස් තිහක් විතර වෙන දෙයක්නේ "
" නෑ මනූක නෑ.. වෙනදට එහෙම ගිහින් හතරගාතෙන් හරි ගෙදර ඇවිත් නිදාගන්නවනේ... අනික අයියා රට ගිහින් ආවට පස්සෙ ඔය රණ්ඩු වෙලා ගියාමයි.. දැන් වෙලාව බලන්න මනූක අනේ එයා ආවෙ නෑ තාම.. ෆෝන් වැඩත් නෑ මනූක අනේ මම මේ කාර් එක අරන් එලියට බැස්සෙ හොයන්න ඒත් මට හිතාගන්න බෑ කොහෙ යන්නද කියලා මම මොකද කරන්නෙ මනූක.. "
හේසු පිස්සුවෙන් වගේ එහෙම කියවන් ගියේ කරදරයක් උනාම එයාට ලග ඉන්න එකම යාලුවා මනූක නිසා. අනික තමා හේෂ් දැන් හේසුගෙන් ඈත් වෙලා හිටියට හේසු පණ වගේ අයියට ආදරෙයි.
" හරි හේසු දැන් ඔයා කලබල වෙලා ඩ්‍රයිව් කරන්න එපා ඔයා කොහෙද ඉන්නෙ අපි දැන් එන්නම් ඔයා ඉන්න තැනට... ඊට කලින් මං බලන්නම් මයෝන් අයියගෙන් අහලා සමහරවිට එයා දන්නවා ඇති.. ඔහොම්ම ඉන්න අපි දැන් එනවා.. "
මනූක එහෙම කියලා ෆෝන් එක කට් කරලා සහීමට කිව්වෙ කාර් එකට නගින්න කියලා.. තාම මොකද වෙලා තියෙන්නෙ කියලා නොදන්න සහීමගෙ හිතට එක එක දේවල් ගලාගෙන ආවෙ හේෂ්ට කරදරයක් වෙලාවත්දෝ කියලා බයට කකුල් දෙකම ගැහෙද්දි.
" අන්නේහ් බං..... ඇයි මොකද හේෂ් අයියට මොකද වෙලා තියෙන්නේ... "
සහීම බයෙන් ගොත ගගහ අහනකොට මනූකගෙ නලල රැලි උනේ ඒ අහපු විදිහෙ අමුත්තක් එතන තිබ්බ නිසා.. ඒත් ඒවා අහ අහ ඉන්න මේක වෙලාව නෙවේ නිසා මනූක ඒක පස්සට කල් දාලා මයෝන්ට කෝල් එකක් ගත්තත් මයෝන් ආන්සර් කලෙ නෑ..
"ආශ්.... මේ හු&%$@ ඕනි වෙලාවට කෝල් එකක්වත් ආන්සර් කරන්නෑනෙ.. රෑ තිස්සෙ ඇහැරන් ඉදලා මහ දවල් වෙනකන් බුදියනවා.. සැක්.. "
YOU ARE READING
Default Title - අයිස් කොෆී 🧋🧋 ( Complete Bl Story ✔️✔️ )
Lãng mạnඑයාව වෙනස් කරන්න සහීමට පුලුවන් වෙයිද ?