" පුතා...සුදු පුතා.... සහීම...නැගිටින්න දරුවො.. උදේ 09යි වෙලාව.."
සහීම උඩ ගිහින් ඇහැරුනේ නැන්දා කතා කරපු සද්දෙට.. ඉන්විටේෂන් එකේ තිබ්බ විදිහට උදේ 09.46ට තම පෝරුව සෙරමෙනි පටන් ගන්නෙ.. මනූක කිව්ව විදිහට එයාලා 9.30 වෙද්දිවත් එතනට යන්න කතා වෙලා හිටියෙ.ඒ මොනා කරන්නත් සහීමට ලෑස්ති වෙන්නයි එතනට යන්නයි තියෙන්නෙ පැය භාගයයි.. වෙඩින් එක ගන්නේ රාජේන්ද්රලාගෙම හොටෙල් එකක උනාට හොටෙල් එකට යන්නම නැන්දලාගෙ ගෙදර ඉදන් විනාඩි විස්සක් වගේ යනවා. සහීම පරක්කු වෙලා ගිහින් මනූකගෙන් හොදට අහගන්න විදිහත් කන් අස්සෙන් රැව්පිලි රැව් දෙද්දිම තවත් පරක්කු නොවී සහීම වොශ් රූම් එකට ගියා නෙවේ පියෑඹුවා....
" අනේ ඒයි බලන්නකෝ අපේ සුදු පුතාගෙ ලස්සන... මටනම් ලෝභ කමේ බෑ...ම්ම්ම්ම්ම්ම්ම් අදනම් මූ කෙල්ලෙක් දැලේ දාගෙනම තමා ගෙදර එන්නෙ ඔන්න බලන්නකෝ "
සහීමගෙ නැන්දා ලස්සන හිනාවකුත් දාගෙන මාමට එහෙම කියද්දි සහීමත් අර හැමදාම දාන අහිංසක හිනාව දාගෙනම නැන්දටයි මාමටයි වැදලා එලියට බැස්සෙ ස්කූටරෙන්ම හොටෙල් එකට යන්න....
ලා නිල් පාට චෙක් කොටු ගිය සුදු පාට අත් දිග ශර්ට් එකේ අත් වැලමිට ලගට නවලා.. ලා නිල් පාට ලිනන් කලිසමට සුදු පාට ශූස් දෙක දාලා..ශර්ට් එක කලිසමට යට කරලා.. ශර්ට් එක අස්සෙන් සහීමගෙ අම්මා එයාගෙ විසිවෙනි උපන්දිනේට කරට දාපු චේන් එක පේන්න උඩ බොත්තම් දෙක ඇරලා.. ඇස් කණ්නාඩි දෙක දාලා විතරක් නෙවේ සහීමගෙ මුලු මූණෙන්ම කැපිලම පේන රෝස පාට තොල් දෙක තවත් රෝස පාටට පේන්න ගාපු මැට් ලිප්ස්ටික් කලර් එකයි නිසා සහීමගෙ ලස්සන දෙගුණ තෙගුණ වෙලා තමයි තිබ්බෙ.
නැන්දා කිව්ව විදිහට ගෙදර ආවගමන් සහීමට ඇස් වහනම් ටිකක් පුච්චන්නම වෙනවා. මොකද සහීම මේ එළියට බැස්ස ටිකටම කී දෙනෙක්නම් සහීම දිහා කන්න වගේ බැලුවද කියලා සහීමටම හිතාගන්න බෑ...
" කොහෙද බල්ලො තෝ ඉන්නෙ බලපිය වෙලාව කීයද කියලා.. මේ පෝරුවේ චාරිත්ර ඉවරත් වෙන්න ළගයි.. නවයයි තිහ වෙද්දි එනවා කියලා නේද කිව්වේ.. තෝ තාම හැ*%$$ පගයා. "
YOU ARE READING
Default Title - අයිස් කොෆී 🧋🧋 ( Complete Bl Story ✔️✔️ )
Любовные романыඑයාව වෙනස් කරන්න සහීමට පුලුවන් වෙයිද ?