34 🧋

916 110 26
                                    

" පිට්සා කන්න බෑ උට්ට... මට බඩගිනී "

" අපෝ හේසු  කෑ නොගහ ඉදපන්කො අර මිනිස්සුත් බලනවා "

" ඉතිං බලපුදෙන්.. මම කිව්වෙ  මට බඩගිනී කියලා "

" තෝ ඔහොම හැසිරෙන නිසා තමා තොට කොල්ලෙක්වත් නැත්තෙ.... ඊව් කොල්ලෙක් නැති එකී "

මනූකගේ පස්සෙන් හේසු එලවන්න ගත්තෙ OGF එකේ හිටිය මිනිස්සු ඒ වෙලාවෙ මේ මොකද මේ වගේ බැල්මක් ඒ දෙන්නට දෙද්දි.. ඒ මොකුත් ඇහුනෙවත් දැක්කෙවත් නැතුව ෆ්ලෝ එක දිගේ වෙනම කල්පනාවක ගිය සහීම ගැස්සිලා ගියේ මෙච්චර වෙලා දුව දුව හිටිය උන් දෙන්නා එක පාරට සහීමගෙ ඇගට පැනපු නිසා.

කට්ටියන ෆ්‍රී දවසක් කාලෙකින් හම්බුන නිසා ෆිල්ම් ඩේට් එකක් යන්න කතා වෙලා අද උදේම කට්ටිය OGF එකට ආවෙ ෆිල්ම් එකකුත් බලලා කාලා බීලා යන්න.

" මොකද පගෝ එල්ලගෙන ඉන්නේ..... හිනාවෙලා ඉදපන්කො "

සහීමගෙ මූණට එබිලා මනූක කියද්දි සහීම හිනා උනත් ඒක මවාගත්ත හිනාවක් කියලා මනූකට වගේම හේසුටත් තේරුනේ මේ තුන් කට්ටුවට ඒ තුන්දෙනාගැන හොදටම දන්න නිසා.

" එල්ලගෙන ඉන්නැතුව ගලවලා ඉන්නද කියන්නෙ... උඹ ඉදපන්කො ගලවගෙන උට්ට මටනම් බෑ "

කොච්චර අවුලෙන් හිටියත් සහීමට තියෙන කුපාඩි කටටනම් අවුලක් නෑ කියලා ඔප්පු උන නිසා හේසු බඩ අල්ලන් හිනා උනේ ආයෙම පාරක් මුලු OGF එකටම ඉන්නේ මේ තුන් කට්ටුව විතරයි කියලා හිතාගෙන වගේ....

" මේ පොඩ්ඩක් ඉදපන්කො මම කෝල් එකක් අරන් එන්නම් "

සහීම එකපාරටම දෙයක් මතක් උනා වගේ ෆෝන් එක සාක්කුවෙන් ඇදලා ගනිද්දි තාමත් සහීමගෙ කරේ එල්ලිලා හිටිය හේසු කර අතඇරලා ඔලුව වැනුවා.

" හේසු උඹලෑ අයියා මොකද කියන්නේ දැන් "

ෆෝන් එකත් අරන් එහාට යන සහීම දිහා බලන් මනූක හේසුගෙන් ඇහුවේ මෙච්චර වෙලා අහන්න බලන් හිටිය ප්‍රශ්නයක්

" අනේ මංදා බං. මම එයා එක්ක මේ ගැන කතා කරන්න ට්‍රයි කරන්නෙ උඹ එදා මට කිව්ව දවසෙ ඉදන්මයි. හැබැයි එයා ඉස්සර වගේ නෙවේ ඒවා අහද්දි ඩෝන්ට් කෙයාර් සීන් එකක් දෙනවා බං උට්ට. මට මලත් පනිනවා බං ඒ වෙලාවට "

Default Title -  අයිස් කොෆී 🧋🧋   ( Complete Bl Story ✔️✔️ )Where stories live. Discover now