03: හපනා මනෝහර

821 197 165
                                    

comment goal ; 50


ඇගේ එල්ලිලා ඉන්න , කොට කලිසම් කෑල්ලක් එක්ක ටී ෂර්ට් කෑල්ලක් දවටා ගත්ත චුට්ටං වඳුරු පැටියාව දක්කගෙන වාහනේ ගාවට එන්න සෙනේෂ් ට සෑහෙන වෙලාවක් දත කන්න උනා. ගත්තා. ඒ අස්සෙ කැමරා උස්සා ගත්ත පෝරිසාදයො රොත්ත බුරුත්ත පිටින් සෙනේෂ්ගෙ " උතුම් සත් ක්‍රියාව " රූප රාමුවලට නගන්න පටන් අරගෙන තිබ්බ නිසා මනෝහරව සෙනේෂ්ගෙ සැලැස්ම ක්‍රියාත්මක කරලා කුණු කූඩෙට දක්කන්න විදියක් තිබ්බෙ නැහැ.

ප්‍රශ්නෙ එක දෙක කරගෙන උන්ගෙ දේ රැකගෙන , අනුන්ගෙ රෙදි අපුල්ලන්න 'කොම්බුව' නාලිකාවෙන් මයික් එකකුත් උස්සගෙන එනකොටයි සෙනේෂ් ට තරු විසික් උනෙ.

"අම්. අහම්. ඇත්තටම මට මෙයා ගැන ගොඩක් දුක හිතුනා. මේ ළමයාට මානසික අවුලකුත් තියනවා කියලා පේනවා නෙ ඔයාලට. මම අපෙ ගෙදර ගෙනිහිල්ලා කොහොම හරි මෙයාට බේත් කරලා , තෙරපි කරලා ගොඩ දාන්නයි ට්‍රයි කරන්නෙ. දැට්ස් ඉට්."

සෙනේෂ් මේ හැම එකාගෙම කෑලි ගලවලා පංචිකාවත්ත ඉස්සරහ තියන් විකුණන්න එන සිතුවිල්ල යටපත් කරන ගමන් අමාරුවෙන් විරිත්තගෙන කිව්වා. ඒ අස්සේ මනෝහර ගෙන් නැගෙන අමුතු මාලු ගඳ ඉවසා ගෙන , එයා ෆෙෂ්නස් එල්ලලා සුවඳ ගහන බෙන්ස් එකට සෙනේෂ් දත කාගෙන නැග්ගා.

"කරුණාකරලා ඔය කැමරා පාත් කර ගන්න. සෙනේෂ් සර් රටට ලෝකෙට පේන්න මිනිස්සුන්ට උදව් කරන මනුස්සයෙක් නෙවෙයිනෙ. බෝධ්සත්වයෙක් වගෙ මනුස්සයෙක් අපෙ සර්"

මංජු අඩු වැඩිය ලුණු ඇඹුල් ඇතිවම දාලා කල දුටු තැන වල ඉහ ගත්තා. කලු පාට ග්ලාස් එකෙන් පෙනුනා නම් තරහෙන් පුපුර පුපුර ඉන්න සෙනේෂ්ගෙ ඇස් දෙක මංජුට වල ඉහ ගන්නයි වෙන්නෙ. කැමරාවට ආයෙ පාරක් මූණ දාලා විරිත්තුව මංජු ඩ්‍රයිවින් සීට් එකට පස්ස තියා ගෙන ෂටස් ටික ඇරියෙ අලුත්ම බෙන්ස් රථය පුරා පැතිරුණු මාලු ගඳ නැති කර ගන්න.

ෂටස් ඇරියා විතරයි සෙනේෂ් ගෙයි මනෝහරගෙයි ෆොටෝස් තොගයක් ආයෙමත් ගහන්න පටන් ගන්නකොට මනෝහර සෙනේෂ් ගෙ ඇඳුමෙ එල්ලිලා කතා කරන්න ගත්තා.

"මයෙ මහත්තයො.."

මනෝහර ඇස් ලොකු කර කර , සෙනේෂ්ව බලන්න පොර කන , රෙදි ඉතිරි කර ගන්න මහපු ජංගි කෑල්ලකට, තන පටියක් වගෙ එකක් ඇඳ ගත්ත අම්මණ්ඩි ලා රොත්තක් පෙන්නුවා.

_මනෝහර_Where stories live. Discover now