29: අනන්ගෞරි

497 130 75
                                    

කමෙන්ට් ගෝල් 50

හදිස්සියේ මොකක්දෝ මන්දා පලඳනාවක් මිරිස්ස මූදු වෙරලෙ මතු වෙච්චි සිද්ධියක් ගැන කන ගැටුණු හැටියේ සෙනේෂ් සූදානම් උනේ ඒ දිහාවට යන්ඩ. ඒත් මේකට තනිවම යන්න මනෝහර ඉඩක් දුන්න එකක්යෑ. සෙනේෂ්ට මනෝහරව අහර්ශයි මංජුයි එක්ක නතර කරලා යන්න උවමනාව තිවුනෙ වන්දීතුත් තාමත් නතර වෙලා ඉන්න නිසා. ඒත් මනෝහර එක්ක ඒකව හැර දාලා යන්න බැරි වග සෙනේෂ් ට තේරුනා මේකා ගෙදර උඩු යටිකුරු කරන්ඩ පටන් ගත්ත නිසා.

"මයෙ මහත්තයා පැදුරටත් නොකියා එලියට බැස්සොත් මනෝහර පුලුවන් හැටියකට ගෙදරින් එලියට බැහැලා එනව ඕන් හොයාන"

මනෝහර තර්ජනේ කලේ බොරවට නොවන විත්තිය සෙනේෂ් දන්නවා. මේකා කිව්වොත් , ඒ කිව්ව ඉලව්ව කරන එක කරනවා එකත් එකටම. ඇරත් , ජාඩියට අදාල මූඩියත් මේකා එක්කම ඉන්න නිසා වන්දීත් එක්ක එකතු වෙලා අහර්ශගෙයි මංජුගෙයි ඇස් වලට දූලි ගහලා මේකා මිරිස්සටම තමන්ව හොයාන පයින් එන්න බැරි කමක් නෑ කියලා සෙනේෂ් දැනගෙන උන්නෙ. ඒ නිසා පසුවට වෙන්න තියන අතුරු ආන්තරා ගැන සැක පල කරලා මේකා මනෝහරව ඇන්න යන්න කැමැත්ත පල කලා.

අවසානෙ සෙනේෂ් , මංජු , මනෝහර , වන්දීත් හතර දෙනාම වාහනේ ඇතුලෙ රිංගගෙන මිරිස්සෙ යන්න තීරණය කලේ වෙන කරන්න දෙයක් නැතිවට. අහර්ශට කැම්පස් එකෙ වැඩ නිසා එන්න බැරි උනා මිසෙක නැත්තං ඒකත් ඕක අස්සෙ කියලා සෙනේෂ් දන්නවා.

_____

සෙනේෂ් මහචාර්ය සමුද්ධ එක්ක මූදු වෙරලට වෙලා හිටගෙන හිටියා. පිරිසිදු කරන්න ගෙනිච්ච ආභරණය තවමත් ගෙනල්ලා තිවුනේ නැති නිසා මහචාර්ය සමුද්ධ එක්කලා සෙනේෂ් මූදු වෙරලට වෙලා කාලෙ කෑවේ මනෝහර යි වන්දීතුයි මූදු වෙරලෙ ගල් පරයක් ගාවට වෙලා අත් අල්ලන් ඉන්නවා බලාන.

උන් දෙන්නා අත් අල්ලගෙන කියවන කියවිල්ලට සෙනේෂ්ට හීනියට පෑලියාවක් නොදැනුනා නෙවේ.

"මට හිතෙන විදියට ඒ ආභරණය කිසිම රජ දවසක තිබුණු ආභරණ වල ලක්ෂණ පෙන්නුම් කරන්නෙ නැහැ. ඒත් ඒ ආභරණය බොහොමයක් වටිනවා වගේ මට පේන්නේ... වෙලාවකට මට හිතෙනවා එදා සෙනේෂ්ට ඇහුනයි කියන මුරකාරයන්ගෙ කතාව ඇත්තද කියලා. අපි නොදන්නවා උනාට මුහුද යට තව රාජධානියක්......"

_මනෝහර_Where stories live. Discover now