30 : හැව රිලා කිඳුරා

513 137 139
                                    

කමෙන්ට් ගෝල් 50 /: කම්ප්ලීට් කරන්න හොදේ 🙈

වන්දීත් මනෝහර දිහා බලාන හිටියෙ පුදුමෙන්. මනෝහර මූදු රැල්ල අල්ලද්දී මූදු රැල්ලෙ ගෑවෙන මනෝහර ගෙ අත්ල රත්රන් පාටින් දිස්නෙ දෙනවා වන්දීත් බලාන. මනෝහර ඈත මූද එක්කලා යාවන අහස් ගව්ව දිහා බලා ගත් වනම උන්නා.

" ඒ කියන්නේ... මනෝහර කියන්නේ...."

"ඔව් යාලු. මෙයැයි කිඳුරෙක්. මූදු හතක් පීනගෙන ආදරවන්තයා හොයාන ආව"

මනෝහර වන්දීත්ගෙ වචන සම්පූර්ණ කලා. වන්දීත්ට මනෝහර තමන් එක වතාවක් දැක්ක තමන්ගෙ ආදරේ හොයාන වෙරළට පීනපු එක වගේම ඒකාව මුලිච්චි වෙච්චි විත්තිය ගැන කීවත් , වන්දීත් ට කාල චක්කරේ පහු කරගෙන ආව විත්තිය කියන්න ගියේ නැහැ. ඉතින් වන්දීත් හිතුවේ මනෝහර කියන කිඳුරා වර්ථමානයට අයිති එකෙක් වගේම , පුංචි සන්දියේ සෙනේෂ්ව මුණ ගැසීමත් මේ උපතෙදී වෙච්චි වගක්. කොහෙ අනුමාන කරන්නද වන්දීත් කාල චක්කරයක් ගැන.

මනෝහර වන්දීත් හිතන දේ නිවැරදි කරන්න කියලා වෙනම උත්සාහයක් දැරුවෙ නැත්තෙ , තමන් මේ ගැන කියන්න ගියොත් වන්දීත් තමන්ව විශ්වාස නොකරාවිය කියලා මනෝහර හිතුනු නිසා. ඇරත් වන්දීත්ගෙ කට ඇරෙන්න පුලුවන් උපරිම ගානට මුට්ටිය වගේ ඇරිලා තිවුන විදියට තමන් වන්දීත්ව ඔනෙවටත් වඩා පුදුම කරලා කියලා මනෝහර ට තේරුනා.

' තවත් කීවොත් මෙයැයිගෙ යාලු ගෙ හක්ක පනී ඕන් '

මනෝහර තමන්ටම කියා ගත්තෙ වැඩි ගානකට නැතිව. වන්දීත් ටිකක් වෙලා මනෝහර දිහා බලන් උන්නා. මේකා මේ දැන් කීවේ මේ ලෝකෙ තියන දිරවා ගන්ඩ අපහසුම කතාවලින් එකක් විත්තිය වන්දීත් දන්නවා. විශේෂයෙන්ම ඇස් වලින් වැටුනු කඳුලු රෝස පාට මුතු වෙලා වැටුනටත් පස්සේ..... මේකා කිඳුරෙක්ය කියන එක වන්දීත්ට දිරවා ගන්න අපහසු උනා. ඒත් මොකක්දො හේතුවකට මෙන්න මේකා කියන්නෙ බොරුවක් නෙවෙ ඇත්තක්ය කියලා පිලිගන්න වන්දීත් ලෑස්ති වෙලා උන්නා.

මනෝහර වන්දීත්ගෙ අතෙ තිවුන රෝස පාට මුතු ඇටය දිහා බලාන හිනා උනා.

"ඒක මයෙ යාලුට.." මනෝහර මිමිණුවා.

"මයෙ යාලු... දන්නවාද? කිඳුරෙක්ගෙ ඇසෙන් සතුට වෙනුවෙන් කඳුලක් වැටෙනකොට ඒ කඳුල මූදෙ ආශිර්වාදයෙන් වගේම ප්‍රීතියට අධිපති අනන්දිතා අප්සරාවගේ ආශිර්වාදයෙන් පෝෂණය වෙනවා. ඒ කඳුලු බොහොම දුර්ලභයි. ඉතින් මයේ යාලු මනෝහර ගෙ ඇස් වලින් සතුට නිසා කඳුලක් පලවෙනි වතාවට වැටුනේ...."

_මනෝහර_Where stories live. Discover now