56 : හාදු කෝ?

447 100 122
                                    

කමෙන්ට් ගෝල් 50

මනෝහර එයැයිගෙ ආදරවන්තයා තවේෂ් වෙනුවෙන් තමන් ඉදෙව්ව පොලොස් ඇඹුලට , හීන් කොච්චි සම්බෝලෙ , අඹ මාළුව මැටි පිඟානකට ඉදෙව්ව සුවඳ ගහන හාලක් එක්කලා බෙදාන පැල් කොටේ ඇතුලට රිංගුවේ තවේෂ් පුහුණුවීම් ඉවර වෙලා ආයෙම ඇවිත් ඇතිය හිතාන. ආව මොහොතෙ ඉඳන් මනෝහර උයලා තිවුනෙ නැත්තං ඒකා ගාව දැවටි දැවටි බඩගීනි ගාලා දොඩවන්න තවේෂ් හාල් ලිපෙන් බාලා මනෝහර අනලා කවනකම්ම මනෝහරට හාදු දෙන ගමන් ලඟට වෙලා ඉන්නවා. ඒ නිසා මෙදා ගමන මනෝහර කලින්ම බතක් ලිපේ තියලා ඔන්න උයලා අහවරයක් කලා.

එලියට වෙලා ලිපක් බැඳගෙන උයලා , පිලිකන්නෙන්ම ගොඩ වැදිලා බත් මාලු මුලුතැන්ගෙයින් තියලා මනෝහර ගේ ඇතුලට වැදුනෙ තවේෂ් එනකම් ඉන්නවාය කියලා හිතාන. ඒත් ඒකා කොහෙ දැන ගන්නද ගේ ඇතුලෙ වෙනම ජවුසමක් විත්තිය...!!


" ය ශ්වේද අහී*!! "

"ම්... ආදරේ විත්තියක් දොඩාන ආවනෙ. මහලොකුවට මට නොතේරෙන මූදු හතකින් එහා තියන මොකක්දො භාසාවකිනුත් ආදරෙයි ආදරෙයි ගාන දෙඩෙව්වනේ. අපේ බුදු හාමුදුරුවො ගාවට ගොහිනුත් ආදරේ විත්තිය දිව්රාලා මෙයැයි එක්කලා කන්ද උඩ දේවාලෙටත් ගියා නෙ ඔන්න. ම්..? ආදරේ නම් මෙයැයිට හාදු දෙන්න අෆ්රාජේ හාද? හාදු හාදු? උඹලෑ බාසාවෙන් මොන ඉලව්වක් ඒකට දොඩනවාද මෙයැයි දන්නෙ නැතුවා. මොන ඉලව්වක් උනත් ඒක මෙයැයිට දුන්නා නම් හොඳයි මේකා යකා නොකර"

තවේෂ් ගෙ මලයන්ඩි ශේවේද ආෆ්රාජ්ගෙ පපුවට දෙකක් ගහන ගමන් දොඩෝනකොට අෆ්රාජ් ඇස් ලොකු කරාන බලන් උන්නෙ මූණත් තහඩුව රතු කරාන. තවේෂ් නෑය කියලා , කම්මැලි ගාන දොඩෝල මනෝහර ඉද්දීම ශ්වේද ඒකාව පැල් කොටේට ගෙන්නගෙන ඒ අස්සෙ මේ හාදුවක්....?


"මේ.. මේ මහ දවාලේ..? ය ශ්වේදේ....."

"ඈ බොල අෆ්රාජේ? මහ දවාලෙ හාදු දෙන්න තහනම් විත්තිය ලීවේ මොන ජගතද? අෆ්රාජේ යකා නොකර දීපිය මට හාදුවක්?"

ශ්වේද අෆ්රාජ් ඇඳගෙන උන්නු ඇඳුමෙන් ඇදලා අරගෙන ඒකාව තමන්ට ලං කර ගන්නකොට මේකා පොඩි උන්ට විකුණන්න අරාබි රටෙන් උස්සගෙන ආව වීදුරු බෝතල් ගානට ඇස් ගෙඩි දෙක තඩිසි කරගෙන ශ්වේද කොලූ දිහා බලන් උන්නා. ආල වදන් දෙඩුවා තමා. බැරි සිංහලක් අමාරුවෙන් එකතු කරගෙන මේකාට තේරෙන්න ආල ගීතත් ලීවාය තමා. ඒත් මේකාට හාදු දෙන්න අෆ්රාජ්ට ලැජ්ජාවේ බැරුවාය ඔන්න.

_මනෝහර_Where stories live. Discover now