11: ආස්රූ

633 161 103
                                    

කමෙන්ට් ගෝල් 50

"ඔව් සෙනේෂ් මේ තියෙන්නෙ මුතු තමයි. මට පේන විදියට මේවා සාමාන්‍යය මුතු වර්ගයක් නම් නෙවෙයි. සෑහෙන දුර්ලභ මුතු. මේ මුතු වල අවශේෂ අපිට මිරිස්ස මුහුදෙ ගැඹුරු හරියෙන් හම්බුනා. ඒත් මෙච්චර අලුත් , සම්පූර්ණ මුතු.....?"

මහාචාර්ය සමුද්ධ අහනකොට සෙනේෂ්ගෙ නළල රැලි වැටුනා. මංජු මේ මුතු ඇටයක් කියලා දෙනකොට සෙනේෂ් පොඩ්ඩක් වත් පිලි නොගත්තත් සෙනේෂ් ගෙ හිත කොනක ඇති වෙච්චි මොකක්දො හැඟීමකට මේ මුතු ඇටේ මහාචාර්ය සමුද්ධ ට පෙන්වන්න ඕනෙ කියලා සෙනේෂ් තීරණෙ කරලා තිවුනා. මහාචාර්ය සමුද්ධ මුතු ඇටය අරගෙන පැය කාලක් යන්න කලින් කියනවා මේ ඇත්ත මුතු ඇටයක් කියලා. ඇරත් සේරම පැත්තකින් තිබ්බම බොහොම දුර්ලභ මුතු වර්ගයක් ලු.

"කොහෙන්ද සෙනේෂ් මේක හොයා ගත්තෙ?"

"අපෙ ගෙදර ගාර්ඩ්න් එකෙන්"

සෙනේෂ් කියනකොට මුතු ඇටය දිහා බලාගෙන උන්නු මහාචාර්ය සමුද්ධ ගෙ ඇහි බැමි උඩ ගියා.

"මොකක්ද?"

මහාචාර්ය සමුද්ධ ඇහුවේ තමන්ට සෙනේෂ් කිව්ව ඉලව්ව හරියට ඇහුනද කියලා සැක හැර ගන්න. නමුත් සෙනේෂ් ගෙ මූණෙ ඇඳිලා තිබ්බ ව්‍යාකූල පෙනුමට මහාචාර්ය සමුද්ධ තීරණය කලා සෙනේෂ් කිව්ව දේ තමන්ට හරියටම ඇහුනා කියලා.

"ගෙදර ගාඩ්න් එකෙන්....? අනික එකක් නෙවෙ දෙක තුනක්ම? සේරම හරි මුහුදක් හතර මායිමකවත් නැති සෙනේෂ් ගෙ ගෙදර?"

"ඒක තමයි ප්‍රොෆෙසර් මට තියන ප්‍රශ්නෙ... ඒක නෙවෙයි ප්‍රොෆෙසර් මේ මුතු වලට කියන නම මොකක්ද?"

සෙනේෂ් කල්පනාකාරීව ඇහුවේ ඇයි කියලා සෙනේෂ්ටම තේරුනෙ නැහැ. කොහොම උනත් අලු පාටට හුරු සුදු පාට මුතු ඇටය දකිනකොට සෙනේෂ් ගෙ හිතට අමුතුම දුකක් මෝදු උනේ සෙනේෂ් ට ඒක කියා ගන්න තේරෙන්නෙ නැති වෙන තරම්. මහාචාර්ය සමුද්ධ ටිකක් වෙලා මුතු ඇටය දිහා බලාගෙන හිටියා.


"මම හරි නම් මේ තියෙන්නෙ ආස්රූ මුතු. කොහොම උනත් මම මේ ගැන පරීක්ෂා කරලා බලන්නම්"

සෙනේෂ් ගෙ මූණෙ ලියවුනු පෙනුම දිහා කුතුහලයෙන් බලන ගමන් මහාචාර්ය සමුද්ධ සෙනේෂ්ගෙ උරහිසට අත තියලා කිව්වා. මේ වසරේ තමන්ගෙ ජීවිතෙ පනස් වෙනි අවුරුද්දට පා තබමින් උන්නු මහාචාර්ය සමුද්ධ සෙනේෂ් දැක්කෙ තමන්ගෙ ආයෝජකයාටත් වඩා තමන්ගෙම දරුවෙක් වගේ. සෙනේෂ් ගෙ මූනෙ ලියවුනු පැලිලි සහගත පෙනුම දිහා මොහොතක් බලාන උන්නු මහාචාර්ය සමුද්ධ කතා කලා.

_මනෝහර_Where stories live. Discover now