46 : මයික් කටා

450 119 122
                                    

කමෙන්ට් ගෝල් 50 /- පන්වන්න හොඳේ 😁❤️


"මයෙ මහත්තයා!! ඒකා යකා. බෙලෙක් කටා. එන්ඩ එපා මනෝහර ගෙ මහත්තයා ගාවට... මනෝහර ඒකගෙ මහත්තයාව ආරක්ෂා කරනවා ජීවිතේ පරදුවට තියලා ඔන්ඩ"

මනෝහර රෙඩ් කාපට් එක දිගෙ යන ගමන් එතැන මැද්දට ' සෙනේෂ් ගෙ තොරතුරු අහන්ඩ ' මයික් එකක් උස්සගෙන පාත් වෙච්චි ඉලන්දාරියායි සෙනේෂුයි මැද්දෙ හිට ගත්තා. කන කීන් ගාන සද්දෙන් මයික් උස්සගෙන මනෝහර ඉස්සරහට පාත් වෙන්න තරම් නිර්භීත වෙච්චි එකෙ පවට කොල්ලා අඩියක් දෙකක් පස්සට විසි උනා. මනෝහර උන්නෙ ගැහුවොත් ගහන්ඩ ලෑස්ති වෙලා නිසා අත්වාරුවෙන් හිටන් උන්නු සෙනේෂ්ට මනෝහරව පාලනය කරන්ඩ අමාරු උනා.

"මනෝහර එන්න. ඒ මල්ලි මට කරදර කරන්න නෙවේ ආවේ"

සෙනේෂ් අසරණ විදියට මයික් මළයන්ඩිට හිනාවක් පාලා කියනකොට , ජිවිතේට යකා කියන නම අහගෙන නැති කොලුවා උඩ යට බිම යට බැලුවේ තමන්ට මේකා එහෙම කීවේ මක්කටද කියල කල්පනා කරන ගමන්. ඒ ගමන අහර්ශත් සෙනේෂුයි මනෝහරගෙයි නාඩගමෙන් ඈත් වෙලා අහසෙ තරු ගනින්න ගත්තෙ වැඩියෙ මුන් දෙන්නා එක්කලා සමීප ඇසුරක් නෑය වග පෙන්වන්න වගේ. ඒත් අවාසනාවකට මෙතන උන්නු භාගෙට භාගයක් දැනන් උන්නෙ අහර්ශ සෙනේෂ් ගෙ එකම මල්ලි විත්තිය.

"යන්... එන්න මනෝහර"

සෙනේෂ් හිමීට මුමුණලා එතැනින් යනකොට සෙනේෂ් ගෙ ෂර්ට් එකෙ කොනක එල්ලුන මනෝහර මීඩියා කාරයන්ට රවාන පුප්පගෙන එතනින් වේගයෙන් ඇවිදගෙන ගියා. කොහෙන් කොහොම හරි හැල හැප්පීම් මහ ගොඩක් මැද්දෙන් මනෝහරයි සෙනේෂුයි අහර්ශයි උත්සවය තිවුන ශාලාවට පාත් වෙලා අසුන් ගත්තා. හිස් මේසයක් අල්ලගෙන පාඩුවේ සෙනේෂ් වාඩි වෙනකොට අහර්ශයි මනෝහර යි දෙපැත්තෙන් වාඩි උනා. තාම එතනට ආරාධිතයො පිරෙන නිසා එතන මහ ඝෝෂාවක් තිවුනෙ. කීප දෙනෙක් ඇවිත් සෙනේෂ් ගෙ සුව දුක් විමසුවා වගේම මනෝහර දිහා අමුතු ඉරියව්වෙන් බැලුවේ, මනෝහරයි සෙනේෂුයි ගැන ලංකාව පුරා කනින් කොනින් පැතිරෙන දූෂමාණ ආරංචි නිසා.

එතැන හිස් වෙච්චි ගමන් සෙනේෂ් හිනාවයක් පාලා මනෝහර ගෙ අත මේසෙ යටින් අල්ලා ගත්තාම මනෝහර සෙනේෂ් දිහා බලලා හිනාවක් පෑවා. මනෝහරට සෙනේෂ් උත්සවේට එන්නම අරන් දුන්න අලුත් ඇඳුම් නිසා මනෝහර ගෙ අමුතුම ලස්සනක් සෙනේෂ් දැක්කා.

_මනෝහර_Where stories live. Discover now