13 : කඳුලු

658 164 87
                                    

කමෙන්ට් ගෝල් 50

මනෝහර සෙනේෂ් ගෙ අතෙ එල්ලිලා ඇස් දෙක ජම්බෝලෙ කරගෙන උන්නෙ. ඩොක්ටර් දුටුසේන සෙනේෂ්ගෙ ඉල්ලීමට මනෝහරව දින කීපයකට තමන්ගෙ වාට්ටුවක නතර කර ගන්න කැමැත්ත පල කලා. 'මිරකල්ස්' පෞද්ගලික රෝහලෙ මානසික රෝගීන්ගෙ වාට්ටුවක මනෝහරව නතර කරන්න තීරණය කලා වගේම ඒ වාට්ටුවේ මනෝහර ලා යනකොට මොකෙක්වත් පේන්න උන්නෙ නැහැ. හිස් ඇඳන් හයෙ එක ලොකු ඇඳක මනෝහර විතරක් තට්ට තනියමේ උන්නා.

මනෝහරට සෙනේෂ් අල්ලන්න යන අඩව්ව ගැන මෙලොව අදහසක් නම් ඔලුවට ආවේ නැහැ. ඒත් මග දිගට හම්බුනු සුදු කබා ඇඳගත්ත නාග ඇත්තො බෙල්ලො පටලෝගත්ත ඇත්තො වගේම නැහැයට දැනෙන අපුල ගඳ මනෝහර ගෙ බය දෙක තුන කලා. ඒ නාග ලොවෙන් පාත් වෙච්චි ඇත්තෙක් මනෝහර ට උල් වෙච්චි කට්ටකින් ඇනලා ගිය මොහොතෙ ඉඳන් දැනෙන නිදිබර ගතිය මනෝහරට උන් හිටි තැන් අමතක කලා. ඒ මදිවට ඒකා දිහා කන්න වගෙ බලාගෙන ඉන්න දොස්තර!!

"මනෝහර දවස් දෙක තුනයි මෙහෙ ඉන්න වෙන්නෙ... තේරුනාද හ්ම්?"

සෙනේෂ් මුමුණන කොට මනෝහර කලු පාට ඇස් දොඹ ගෙඩි කරගෙන සෙනේෂ් දිහා බලාන උන්නා. සෙනේෂ් ට යන්න එපා කියා ගන්න මනෝහර ට උවමනාව තිවුනත් මනෝහරගෙ ඇඟට පණ නැති ගතියක් දැනෙන්න අරන්. ඒ එක්කම සෙනේෂ්ගෙ සාක්කුවෙ තිබ්බ ෆෝන් එක මහ හයියෙන් වැදෙන්න ගන්නකොට මනෝහරට යටිගිරියෙන් කෑ ගැහුනා

"ලිය තඹරා
මුදු කුසුමකි ඈ
තවුසන්ගේ
දැහැනෙ සම බිඳිනා..."

"යකා මයෙ මහත්තයො.. යකා!! ගුල්මා අවතාරේ මයෙ මහත්තයා ගෙ රෙද්ද අස්සෙ රිංගගෙන මයෙ මහත්තයෝ..  දෙයියෝ මයෙ දෙයියො... දුවපිය යකා මයෙ මහත්තයා අතෑරලා!!"

මනෝහර යටිගිරියෙන් කෑ ගහනකොට සෙනේෂ් පිස්සෙක් ට මීට වඩා උදාහරණ මොටද වගේ දොස්තර දිහා බලනකොට මනෝහර දිහා දොස්තර කට ඇරන් බලාන උන්නෙ මේ පිස්සා එක්ක දවස් දෙක තුනක් හිටියොත් , ඊලගට මෙතනට ටිකට් ඇදෙන්නෙ තමන්ට කියලා කල්පනාවට වැටෙන ගමන්.

සෙනේෂ් මනෝහර ගෙ කට තද කරලා වහලා ෆෝන් එක ඇදලා ගත්තාම කෝල් එක එන්න මහාචාර්ය සමුද්ධ ගෙන් කියලා තේරුනාම ඒකා ඇමතුම ඉස්සුවා.

_මනෝහර_Where stories live. Discover now