44 : ආල කතා

507 128 112
                                    

කමෙන්ට් ගෝල් 50 /; කම්ප්ලීට් කරන්න හොදෙ ❤️

දින අටකට පසු

සෙනේෂ් රජයේ රෝහලේ ඉන්නෙ නැතිව පෞද්ගලික ඉස්පිරිතාලෙකට මාරු වෙන්න තීරණය කලේ තමන්ගෙ පෞද්ගලිකත්වය ගැන හිතලා. සෙනේෂ්ට දවස් පහක් ගත වෙනකොට ඇඳෙ කෙලින් වෙලා වාඩි වෙන්න පුලුවන් තත්වයක් තිවුනා වගේම , සෙනේෂ්ට විශ්වාස උනා වාරු වෙලා ඇවිදින්න පුලුවන් කමක් තමන්ට තියනවා කියලා. කොහොම උනත් දොස්තරලාගෙනුයි නර්ස් නෝනලාගෙනුයි බැනුම් අහලා නහුත්තෙටම , මනෝහර ගෙ රැව්ම් ගෙරවුම් වලට ලක් වෙලා , පොඩි එකා අහර්ශගෙන් ටොක්කකුත් ඇණ ගත්තයින් පස්සෙ සෙනේෂ් තීරණය කළා තව ඩිංගිත්තක් හොඳක් දැනෙනකම් ඔන්න ඔහෙ ඇඳටම වෙලා ඉන්නවාය කියලා.

දවාලෙ ඉඳන් ගෙදර ගොහින් ඩිංගිත්තක් ඉඳලා එන්නය එන්නය ගාලා ගාලා මනෝහරට , මේකාව දුම්මල ගහලාවත් පන්වන්න බැරි විත්තිය සෙනේෂ්ට තේරුනා ම සෙනේෂ් තීරණෙ කලා ඔන්න ඔහෙ ඕනෙ ඉලව්වක් වෙච්චි දෙන්ය කියලා ඇස් දෙක පියාන නිදා ගන්න.

නිදාන නැගිටිනකොට පැය ගානක් ගොහින්. අතට ගහලා තිවුන සේලයින් එකත් ඉවර වෙන්න ඩිංගිත්තක් ලං වෙලා තිවුනා.සෙනේෂ් පැය ගානකට පස්සෙ ඇස් ඇරලා බලනකොට මේකා ගැස්සිලා ගියේ මේකව විපරම් කරන කලු පාට තඩි ඇස් දෙක දැකලා. අහිංසකකම පුරෝනා තමන් දිහා ඇඳ ගාවට පුටුවක් තියාන බලාන ඉන්න මනෝහරව දැක්ක සෙනේෂ් ගෙ පපුව හෝස් ගාලා ගියා.


"ම- මනෝහර? මම බය ඒ ගමන උනා"

සෙනේෂ් කියනකොට මනෝහර හිනා උනා මිසෙක මොකුත් දොඩන්ඩ ගියෙ නැහැ. සෙනේෂ් මොකුත් නොකියා ඇඳෙ ගැම්ම දාලා වාඩි වෙනකොට මනෝහර පුටුවෙන් බාගෙට නැගිට්ටා.


"මයෙ මහත්තයා පරිස්සමට"

මනෝහර කියනකොට සෙනේෂ් හිනාවක් පාලා මනෝහරගෙ කොන්ඩෙ ඇවිස්සුවා. මේකා ගෙ කෙස් වැටිය දික් වෙලා විසිරිලා ගිහිල්ලා දස අතෙ.

' මේකා ගෙ කොන්ඩෙ නිකන් රපොන්සල්  කෙල්ල වගේ. දිගට දිගෙ වවාන. අල්ලගෙන කපලා දාන්න ඕනෙ '

තමන්ටම කියා ගත්ත සෙනේෂ් මනෝහර ගෙ කම්මුල හිතටත් හොරා අල්ලනකොට මනෝහර ගැස්සෙනවා ඒකට දැනුනා. ඒ එක්කලාම සෙනේෂ්ගෙ පපුව ගැස්සෙනවා සෙනේෂ් අහාන. කොච්චර ගැස්සුනත් ඒ පපුව කීවෙම තව ඩිංගිත්තක් ඒ සිනිදු කම්මුල් අත ගාන්නය කියලා. සෙනේෂ් ඒ ගැස්සෙන පපුවට අවනත වෙලා ඒ කම්මුල් තව ඩිංගිත්තක් අත ගෑවා.

_මනෝහර_Where stories live. Discover now