33 : කොකා

483 138 116
                                    

කමෙන්ට් ගෝල් 50 /: ඕක කම්ප්ලීට් කරන්න හොදේ 🙈

සෙනේෂ් මනෝහර ගෙ ඔලුව හිමීට අත ගෑවා. මේකා ඩිංගිත්තක් ඇහැ ඇරලා මහන්සියෙන් වගෙ ආයේමත් නින්දට වැටෙනවා සෙනේෂ් බලාන. ඒ තප්පරෙත් තමන්ගෙ මූණ දිහා හොට බලියාගෙන බලාන උන්නු සෙනේෂ්ට බොහොම අහිංසක හිනාවක් පාලායි මේකා නින්දට ගියේ.

" මේ යකා මෙච්චරකට අහිංසක උනෙ කොහොමද?"

සෙනේෂ් මනෝහර ගෙ මූණට එබිලා හිමීට මිමිණුවා. මේකා ගෙ රෝස තොල් පෙති ලාවට උල් වෙලා. ඒ අස්සෙ මේක ඒකාගෙ චූටි අතකින් සෙනේෂ් ගෙ සුලැගිල්ල ආයෙම තදින් මිරිකගෙන. මේකගෙ හුරතලයයි , පාන කෝල රටායි දිහා බලාන උන්නු සෙනේෂ් කියන මනුස්සයාටගෙත් ඉහිලුමේ අන්තය පනින්ඩ ඔන්න මෙන්න. මොහොතක් බලාන උන්නු සෙනේෂ් මනෝහරගෙ මූණට ලං උනා.

මේකා තාලෙකට හුස්ම අල්ලනවා. තාලෙකට හුස්ම පිට කරනවා. මේකා ගෙ හැම දේම බොහොම සංසුන්. දෙන්න ඕනෙ නම ශෘංගාරද , නැත්තං අධ්‍යාත්මිකද කියලා සෙනේෂ්ට නිනව්වක් නැතුවා. නම මොක දුන්නත් සෙනේෂ් ට ඒකෙන් වැඩක් නෑය කියලා දැනෙනකොට සෙනේෂ් ඒ රෝස පෙති වලට ලං උනා.

මොහොතක් ඒ තොල් පෙති දිහා බලාන ඉන්නකොට මේකා ගෙ උණුහුම් හුස්ම සෙනේෂ්ගෙ මූණෙ වැදෙන්න ගත්තා. ඒ ගමන ඒ දැනීමත් එක්ක සෙනේෂ් ඉද්ද ගැහුවා වගේ කෙලින් වෙලා ඇඳෙ ඉඳ ගත්තා.

"සෙනේෂ් උඹට මද කිපිලද ඒ ගමන? මේකගෙ කට ඉඹින්නයි උඹ හැදුවේ. ඒකගෙ කට!! පිස්සු යකෙක් තමුසෙ!!"

සෙනේෂ් තමන්ටම කියා ගන්න ගමන් ඉඳගෙන උන්නු තැනින් නැගිටලා බිත්තියට හේත්තු වෙලා නින්දට වැටිලා උන්නු මනෝහර දිහා බලාන උන්නේ හයියෙන් හුස්ම ගන්න ගමන්.

"සෙනේෂ් සංසුන්. සංසුන්. පලයන් ඔතනින් මනුස්සයො"

තමන්ගෙ මොලෙ අස්සෙ උන්නු යාන්තම් හරි සිහියට වැඩ කරන සෛල සෙනේෂ් දොස් දෙවොල් තියන්ඩ ගන්නකොට පස්සට පස්සට ගෑටුව සෙනේෂ් හිමීට දොරෙන් එලියට පැන ගත්තා. හොටෙල් එකෙනුත් වත්තට දෙයියනෙ  කියලා සෙනේෂ් පැන්නෙ පුරුස ධෛර්යෙ ඉහෙ ගහාන. ඒ පැන ගත්ත ගමන අඩියට දෙකට එලියට පැන්න සෙනේෂ් වැදුනෙ හස්තියෙක්ගෙ ඇඟේ. නිකන් නෙවෙ හස්ති රාජයෙක්ගෙ ඇඟෙ.

_මනෝහර_Where stories live. Discover now