57: ලොකුම තෑග්ග

398 106 99
                                    

කමෙන්ට් ගෝල් 50

"මයේ මහත්තයා... මයෙ මහත්තයාගේ වැඩේ හොඳින් වෙනවා නේද ඔන්න? මනෝහරට හිනා වෙලා ඉඳතෑකි නේද මයෙ මහත්තයෝ.."

මනෝහර හෝටල් කාමරේ ඇඳ උඩ වාඩි වෙලා හදාන් ආව බීම එක දෙන ගමන් මුමුණන කොට සෙනේෂ් ඔලුව උස්සලා මනෝහර දිහා බලලා හිනා උනේ බීම එක අතට ගන්න ගමන්. මනෝහරට උණු වතුර එක්කලා ඔට්ටු වෙන්න සෙනේෂ් නොදුන්නට මනෝහර ට දැන් වැඩ කිඩ පුළුවන්ය ඔන්න. කෝමත් ඒකානෙ මීට ඉස්සෙල්ලායිනුත් ඉවුම් පිහුම් කටයුතු කලේ සෙනේෂ් ඒ වගක් නොදන්නවා උනාම. අනිත් අතට මනෝහර ට දැන් වර්තමාන ලෝකෙ හාස්කම් වගේම කටයුතු වෙන විදියත් අපූරුවට තේරෙනවා.


"මොකටද උඹ දැන් මේවා හදන්න ගියේ මගෙ මනෝහර? වැඩ කරන කෙනෙක්ට කතා කරලා කීවා නම් එකට දහයක් ඉල්ලා ගත්තෑකි නෙ..."

සෙනේෂ් මනෝහරව තමන්ට තුරුලු කර ගන්න ගමන් බීම වීදුරුව තොල ගෑවා.

"රසයි"

"මේ ඇත්තගෙ පපුවෙ පිරිච්ච ආදරේ එකතු කරලා නෙ හැදුවෙ ඔන්ඩ"

සෙනේෂ් මුමුණනකොට මනෝහර සෙනේෂ් ගෙ පපුවට ඔලුව ගහාන කීවේ සෙනේෂ් මූණෙත් හිනාවක් ඇඳෙනකොට. උගුරට දෙකට මනෝහර ගෙ බීම එක අහවර කරලා පැත්තකට කරලා සෙනේෂ් මනෝහරව තවත් තද කරලා තමන්ට ලං කර ගත්තා.

"කොහෙන්ද ඔය පණ්ඩිත කතා ඉගෙන ගත්තෙ ම්ම්? කී ගමනක් කිව්වද මම මනෝහර ගෙ රූප පෙට්ටියේ යන ටෙලි කතා ඔක්කොම කට ඇරාන බලන් ඉන්න එපා කියලා. මගෙ අහිංසක කොල්ලා පණ්ඩිතයා වෙනවා ඕවා බැලුවම හ්ම්"

සෙනේෂ් මනෝහර ගෙ නළලට හාදුවක් දීලා මුමුණන කොට හාදුවෙ රහට මනෝහර ට සෙනේෂ් කීව දේට උත්තර දෙන්නත් අමතක උනා. ඒකා සෙනේෂ් ගෙ පපුව මත්තෙ අත් දෙක ගුලි ගහගෙන ඇස් දෙකත් තද කරාන පියාගෙන , සෙනේෂ් කමිසෙ අත් වලට ගුලි ගහාන ඉන්නකොට සෙනේෂ් හිමීට මනෝහර ගෙ දෙතොල් වලට නැඹුරු වෙලා ඒකාගෙ හීනි රෝස පාට දෙතොල් හිමීට පිරි මැද්දා.

"මම මේවාට අයිතිවාසිකම් කියන්නද ම්ම්?"

සෙනේෂ් ගෙ කටහඩ නිවිලා තිවුනට මනෝහර ට ඒ කටහඩෙ ඩිංගිත්තක අමුත්තක් දැනුනා. ඒ කටහඩට... වෙනදාට වඩා ගැඹුරුයි? මනෝහර සෙනේෂ් ගෙ ගැඹුරු කටහඩට වඩා මනාප වෙනකොට ඒකා ඇස් දෙක තද කරලා වහානම හිමීට ඔලුව වැනුවා ම හිනාවක් මූණට නගා ගත්ත සෙනේෂ් මනෝහර ගෙ දෙතොල් තමන්ගෙ දෙතොල් වලට මැදි කරගත්තා. තප්පර කීපයක් යන්න කලින් ඒකාව ඇඳ මත්තෙ පෙරලා ගත්ත සෙනේෂ් මනෝහර ගෙ උඩු තොල යටි තොල බොහොම සංසුන්ව , රිදෙන නොරිදෙන ගානට සිප ගන්නකොට මනෝහර ඇඳෙ දිගා වෙලා සෙනේෂ් ගෙ බෙල්ල වටා අත් පටලාගෙන උන්නා.

_මනෝහර_Where stories live. Discover now