61 : පාර කියන්න දෙව්දූ

332 93 52
                                    

කමෙන්ට් ගෝල් 50
⚠️ Sensitive content

____

සෙනේෂ් ගෙ ෂූටින් වල අන්තිම දවස මෙදා වෙච්චි. ඒ නිසා මේකාට ගජරාමෙට වැඩ. ඒ උනාට ඉඳලා ඉඳලා මනෝහර ගාවට දුවගෙන ඇවිත් ඩිංගක් තුරුලු කරගන්න, කම්මුල් දෙක හාදු වලින් තෙමන්න , ආල වදනක් කියන්න වගේම ඒකා කෑවද බීවද කියලා හොයා ගන්නත් සෙනේෂ් කොහෙන් කොහොම හරි කාලෙ හොයා ගත්ත නිසා මනෝහර උන්නෙ සතුටින්. අහර්ශගෙ කෙරුවාව ගැන තියන සැකේ ගැනත් සෙනේෂ් මනෝහරට කීවා. කියන්ඩ දෙයක් නැතුවා මනෝහර තරම් ඔය කෙරුවාව ගැන නොදන්න එකෙක් ලංකාවේම නැතිව ඇති. ඒත් මනෝහර හිනා වෙවී උන්නා මිසෙක කටක් නෑ හෙල්ලුවෙ ඔන්ඩ. උන් දෙන්නා කැමති වෙලාවක එයැයිලෑ අයියණ්ඩිට කියා ගන්නෙ නැතෑ...

ෂූටින් එක තිවුනෙ මූද ගාවමයි. දණක් ගාවට වතුරටත් බැහෑන සෙනේෂයි වත්සලයි ෂූටින් කරනවා මනෝහර බලාන. මනෝහර දැන් රූපපෙට්ටියෙ යන ආල කතා ඔක්කොම වගේ බලන්ඩ පුරුදු වෙලා උන්නු නිසා තේමාගීත ගායනය කියන්නෙ මක්කද කියලා ඒකාට ඩිංගිත්තක් තේරෙනවා. මේකාට දැන් රූප පෙට්ටියෙ එයැයිගෙ මහත්තයත් බලන්න ඇහැකි නිසා ඒකා සතුටෙන් පිනා ගිහින් උන්නේ.

මූද අයිනට වෙලා මනෝහර හිනා වෙවී බලාන ඉන්නකොට ඒකාට ඩිංගිත්තක් කම්මැලි කමකුත් මෝදු වෙන්න අරගෙන ඒ ගමන. හවස් ජාමෙ උනත් වෙරළ ගිනි රස්නෙයි. මනෝහර වෙරළෙ රස්නෙට කොච්චර ආසා කලත් උදේ ඉඳන් අව්වේ වේලිලා ම ඒකාට තෙහෙට්ටුව. ඒක නිසා ඒකා ඩිංගිත්තක් මූදු තීරෙ දිගෙ ඇවිදින්න තීරණය කරාන.

_____

මූදු තිරේ දිගෙ මනෝහර ඇවිද්දා අඩ හෝරාවකට වැඩියේ. මේකා මූද අයිනෙ තිබුණු පොඩි ලඳු කැලෑවක කොටසක් පහු කරන ගමන් උන්නෙ. ඒකා මුලින්ම ඒ දිහාට අවධානෙ යොමු නොකලට කවුදෝ ඒ පැත්තෙන් ඇවිදිනකො වේලිච්චි කොල පෑගෙන සර සර සද්දයක් එක්කලා මනෝහර ඔලුව හරවලා බැලුවා.

"මනෝහර...."

ඒ කටහඩ ඇහුනෙ කැලෑව අස්සෙන්. මනෝහර ගෙ නළල රැලි උනා. කැලෑවක් කීවට ඒක ඝන සාරෙට වැවුනු කැලෑවක් නොවිච්චි. හැබෑවටම ඒක පොඩි ලැහැබක් වෙච්චි. ඒකෙ තිවුනෙත් වේලිච්ච ගස් වගයක් වෙනකොට හොඳටම බැලුවොත් පොඩි ලැහැබෙන් එහා පැත්තත් බලන්ඩ ඇහැකියි. මනෝහර කටහඩ ඇහුනු ඉසව්වට අවදානෙ යොමු කලා

_මනෝහර_Where stories live. Discover now