21: විකුනපු කඳුලු

579 155 105
                                    

කමෙන්ට් ගෝල් 50

සෙනේෂ් කුස්සියට ආවේ උදෙන්ම නැගිටලා. දාවල් දානෙ හාමුදුරුවන්ට වගේම සිල් ගන්න උපාසක උපාසිකාවන්ට පෝය දවසෙ පිලියෙල කරන්න සෙනේෂ් බාර ගෙන තිවුනා හවහට දේශනා කරන කවි බණ සඳහා මූලික අනුග්‍රහයත් සෙනේෂ්ගෙ. ඒ හැමදේටම සූදානම් වෙන්නත් එක්ක උදෙන්ම නැගිටලා තේ ටිකක් වත් කර ගන්න සෙනේෂ් ඇවිදගෙන එනකොට සාලෙ සැටියෙ දපලා උන්නු මනෝහරව දැකලා සෙනේෂ් ගල් උනා.

ඊයේ රෑ මොකෙක්ද ධනුද්දරයෙක් ගැන අඩව්වක් අල්ලලා මේකා මෙතනම පැල උනයින් පස්සෙ සෙනේෂ් මංජුයි අහර්ශයි එක්ක නිදා ගන්න ගියා මිසක මේකට මක්ක උනාද බැලුවෙ නැහැ. බලද්දී මේකා මෙතනම නිදාන.

"මේකාව මදුරුවොත් කන්න ඇති. හැම මගුලම එලියෙ දාන පස්ස උඩට කරන් නිදා ගත්තාම"

සෙනේෂ් මනෝහර ඇඳන් උන්නු කොට කලිසමෙන් නිරාවරණය වෙලා පේන කලවා ප්‍රදේශය දිහා බලාන තමන්ටම කියා ගත්තෙ රවාගෙන. මනෝහර ගාවට ගියපු සෙනේෂ් මනෝහරව උස්සලා ගන්න ගියෙ මේකා ඇහැරෙන වෙලාවක ඇහැරෙන්න කියලා හිතාන ගිහින් ඇඳ උඩින් තියන්න උනත් මනෝහරව යන්තම් උස්සනකොටම සෙනේෂ් ගෙ ඇස ගැටුනෙ කවිච්චියට වැටිලා තිවුන එදා සෙනේෂ් දැක්කා වගේම අලු පාටට හුරු සුදු පාට බෝලයක්.

"ආස්රූ..? ආයෙමත්? මේකක් කොහොමද මෙතනට ආවේ?"

සෙනේෂ් ආයෙමත් මනෝහරව කවිච්චිය උඩින් තියලා මුතු බෝලෙ අතට අරගෙන පරීක්ෂා කලා. සැකයක සේයාවක් දැනෙද්දී සෙනේෂ් නිකමට වගේ මනෝහර ගෙ කලිසම් සාක්කුවට අත දාලා බැලුවා.

"මේකා රෑ ජාමේ බැංකුවක් කැඩුවා වෙන්න බෑනේ... මේකක් කොහොමද මෙතනට ආවේ... ටිකක් ඉන්න..."

ඒ එක්කම සෙනේෂ්ගෙ ඔළුවට හෙනයක් ගහනවා වගේ අදහසක් ඒ මොහොතේම ආවා.

"මේකා එදා මූදු වෙරලට ගියපු වෙලාවෙ ඇහිඳුවාද දන්නෑ.. මේකෙ වටිනාකමක් මූ දන්න එකකයෑ. ලස්සන නිසා සාක්කුවෙ දා ගන්න ඇති. මට තියන ප්‍රශ්නෙ නෂ්ටාවශේෂ වත් හොයා ගන්න නැති මේ මළ දානෙ ලඟක ඉඳන් මගෙ දෙපා මුලටම පාත් වෙන්නෙ ඇයි කියන එක"

තමුන්ටම කියා ගත්ත සෙනේෂ් මනෝහරව අත් දෙකට ගත්තෙ ආස්රූ මුතු කැටය තමන්ගෙ සාක්කුවට දා ගන්න ගමන්. මේ මුතු ඇටය දැක්කම තමන්ගෙ හිත අනියත දුකකින් වෙලා ගන්න හේතුවක් සෙනේෂ්ට තේරුනෙ නැහැ. කාලකන්නි මූසල සාප ලත් හැඟීමක් මේ මුතු ඇටය දකින වාරයක් වාරයක් පාසා සෙනේෂ් ට දැනුණා. කිසිවක් නොකිව්ව සෙනේෂ් මනෝහරව අත් දෙකට අරගන්නකොට මනෝහර සෙනේෂ් ගෙ පපුවට තද උනා.

_මනෝහර_Where stories live. Discover now