28 : romantic song

536 136 150
                                    

කමෙන්ට් ගෝල් 50

" සිලිලාර සිත නයනා - හෘදේ සිඹිනා
කෝල නීල වදනා - සවන පිනනා "

වන්දීත් තාලයට ගායනා කරන්න පටන් ගන්නකොට මනෝහර හිනා වෙලා අහාන  උන්නා. හවස අට නවය පහු වෙලා කොල්ලො දෙන්නා නිදා ගන්ඩ ඕන වෙලාව පහු වෙන්න ඔන්න මෙන්න. ඒත් දෙන්නට ගානක්වත් නෑ. සෙනේෂ්ගෙ මයික් එක අටවගෙන පැත්තම දෙවනත් වෙන්න වන්දීත් සින්දු කියන්න පටන් ගත්තා.

හේතුව උනෙ සෙනේෂ් ගෙදර උන්නෙ නැහැ. ඒ විතරක්යෑ අහර්ශ යාලුවො වගයක් එක්ක පාර්ටියකට යනවය කියලා මාරු වෙලා. මංජුයි ලතායි දෙන්නාම ගෙදර නැතිව තමන්ගෙ ගෙවල් වලට ගාටන දවස් උදා වෙන්නෙ අහම්බයකින් උනාට අදත් ඒ වගෙ කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නා වගෙ දවසක්. සෙනේෂ් වෙන කරන්නය කියලා දෙයක් නැතිවට මනෝහර යි වන්දීත්වයි ගෙදර දාලා ගියේ මෙච්චර කාලෙකට මුන් දෙන්නා සාමකාමී වාතාවරණයක් පවත්වාගෙන ගියපු නිසා උන් දෙන්නාව විශ්වාස කරලා.

සෙනේෂ් ගෙදරට පය තියනකොටම සෙනේෂ්ට ඇහුනෙ තාලෙට කියන සින්දුවක්. බොහොම ළයාන්විත , නිවුන , ලෞකික හැඟීම් වලින් බැහැර උන ආදර බර හඬක්.

"මයේ ඉස්සර උන්නු යාලු ට ඇහැකි කවි කියන්ඩ. මයෙ වන්දීත් යාලුටත් ඇහැකියැයි කවි කියන්ඩ? ඇහැකි නම් මනෝහර ට අහන්න කවියක් කියන්න ඇහැකිද?"

මනෝහර පැය කීපයකට කලින් වන්දීත්ගෙන් අහලා තිවුනා.

"ම්. බැරි කමක් නෑ. ඒත් පාරු කවි , පැල් කවි වලට වඩා... අපි සෝන්ග් එකක් කියමුද?"

වන්දීත් අහනකොට මනෝහර මොහොතක් කල්පනාවට වැටුනා.

"සෝ-න්-ග්?" 

කට ඇද කර ගත්ත කිඳුරු කෝලම ඔලුව කහනකොට වන්දීත් හිනායක් පෑවා.

"ඔව්. රොමෑන්ටික් සෝන්ග් එකක් කියන්නද?  ඒ කියන්නේ ආදරණීය සින්දුවක්. තමන්ගෙ ආදරවන්තයාට ආදරවන්තිට කියන සින්දු..."

වන්දීත් තවත් පැහැදිලි කරනකොට මනෝහර හනිකට ඉස ඉහල පහල යැව්වා

"අනෙ අප්පේ මයෙ යාලු. මනෝහර මනාපයි ඕන්. මනෝහර ගෙ මහත්තයාට ආල කතා දොඩන්ඩ. රො-මෑ-න්....... මකක්ද?"

_මනෝහර_Where stories live. Discover now