පහුවදා උදේ ම මං නැගිට්ටෙ කුස්සියට යන්න..මල්ලි තාම හීන දැක දැක නිදි වගේ.. ..මං එයාව තව ටිකක් පොරවල ඇදෙන් බැහැල ආවෙ කුඩම්මට උයන්න උදව් වෙන්න..
"අහස්...මල්ලිව ඉස්කෝලෙට දාල ඇවිත් බුලත් කොටුවට යන්න ඕනෙ...දැන් කොල කඩන්න කාලෙ හරි...මේ දවස්වල බුලත්වලට හොද බිස්නස් එකක් තියෙනව.."
කුඩම්ම දවසෙ පලවෙනි විධානෙ දෙන්න ගත්තෙ මං පොල් ගාන්න ගත්තට පස්සෙ..බුලත් කඩනව කියන එක මතක් වෙද්දිත් පිස්සු වගේ...දවසම කරනන්න ඕනෙ...කොහොමත් ගේ පිටිපස්සෙ තියෙන බුලත් පාත්ති ටික මේ වෙනකම්ම සාත්තු කර කර බලාගත්තෙ මම..ඒත් කුඩම්ම මට ඒව හදන්න දුන්නෙ නැත්තෙ මගෙ අතින් ඒව හරියන්නෙ නෑ..මං හරි අවාසනාවන්තයි කියල..මට අහන්න හිතුණත් දැන් මගෙ අතින් කොල කඩන එකත් කරන්න හොද නෑනෙ කියල සද්ද නැතුව හිටිය.කට ගහගෙන ගියොත් මට දැන් ලැබෙන වේල් දෙකටත් කෑම නැති වෙයි..
"මල්ලි නැගිටින්න "
මං මල්ලිව අමාරැවෙන් නැගිට්ටෙව්වෙ එයා ඉස්කෝලෙ යන්න පරක්කු වුණත් මට බැනුම් අහන්න වෙන හින්ද.එයා කම්මැලිකමෙන් නැගිටල ගිහින් මූණ හෝදගෙන ඇවිත් ඇද ගත්ත..
"චූටි පුතා...කාල යනව...කන්නෙ නැත්තම් ගෙදර නවතිනව..ගෑස්ටික් හදාගන්නෙ නැතුව නොකා ගිහින්"
කුඩම්ම හයියෙන් කෑ ගැහුවෙ මල්ලි සපත්තු දෙක දාද්දි.මං එයාගෙ කාමරේ එයාගෙ පොත් බෑග් එක හදල වතුර බෝතලේ පුරවල එයා ලගට ආව...
"මල්ලි කාල එන්න ..මං බයිසිකලේ ලග ඉන්නව ...නොකා එන්න එපා..ඒත් ඉක්මනට එන්න ..නැත්තම් ඔයාට රොඩු අදින්න වෙයි..මතකනෙ ගිය සතියෙ පරක්කු වෙලා අතුගාන්නත් වුණා.."
"හරි හරි මං එන්නම් ..අයියෙ පොඩ්ඩක් මගෙ කාමරේට යමුකො "
"මොකටද ?..ඉක්මනට යමු .අම්මට තරහ එයි දැන්...කෝලම් කරන්න එපා..."
"කෝලම් නෙමේ....යමුකො..මං කුස්සියට ගිහින් එන්නම්.."
මල්ලි සපත්තු දෙකත් දාගෙන කුස්සියට දුවද්දි මං එයාගෙ කාමරේට ආව ..ඇදෙන් ඉදගත්තෙ ඒ විනාඩි ගාණට හරි කකුල් දෙකට නිදහසක් දෙන්න .
YOU ARE READING
දෑස නිසා
Non-Fictionප්රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..