පහුවදා නිමේෂ් ආයෙමත් ආවෙ අපේ ෂූටින් පටන් ගත්ත හින්ද..දිල්කිලගෙ ගමේ අපි රඟපාපු පරණ ගෙදර ටෙලි නාට්‍යයට සින්න වුණා...නාට්‍යයෙ ප්‍රධාන චරිතයට ජීවත් වෙන්න වුණේ ඒ ගෙදර හින්ද...එක දිගට දවස් ගාණක් ෂූටින් තිබ්බට දිල්කි ඒ එක දවසකවත් ආයෙ රූගත කිරීම් බලන්න ආවෙ නෑ..මට හිතුණෙ ගිහාන් දිල්කිට එන්න නොදී තියාගන්න ඇති කියල...ඉස්සර හිටපු දිල්කිව වෙනස් කරල තමන්ගෙ යටතට ගන්න තරම් ගිහාන්ට තිබ්බ හැකියාව මොකක්ද කියල හිතෙනව. සමහර විට මගෙ වැරදි පෙන්න පෙන්න හොද නම ගන්න ඇති.දිල්කි ඒවට රැවටෙන්න ඇති..මොනව වුණත් දිල්කිගෙ ඉස්සර තිබ්බ රැස් දැන් සම්පුර්ණයෙන්ම බැහැල කියල දැනෙනව...
දවස් ගාණක ශූටින් ඉවර වෙලා ආපහු කොලඹ යන්නෙ හෙට...එදා සිද්ධියෙන් පස්සෙ මං පුතාව බලන්න ගියෙ එක පාරයි..යන්න වෙලාව අමාරැවෙන් හරි හදාගන්න පුලුවන් වුණත් මන්දාරා හම්බවුණොත් හිතට අවුල් හින්ද හිතලම මඟ ඇරිය..හවස හතරට විතර කලින් ෂූටින් ඉවර වුණ හින්ද හොටෙල් රෑම් එකේ ඩෝ වින්ඩෝ එක ලඟට වෙලා මං හිටියෙ ඈත ලස්සන පරිසරය දිහා බලන්...හවසට ඉර බහිද්දි කදු පන්ති වල වැදුණු ඉර එලියෙන් අහසෙ වලාකුළු තැඹිලි පාටට ලස්සනට පෙනුණ..මට මතක් වුණේ බේබි මායි දවසක් ගිය 'කන්ද මුදුනෙ පොකුණ'..බේබිගෙ ගෙදර ඉන්න දවස්වල එයා මන් එක්ක කන්දක් මුදුනක තිබ්බ නිස්කලංක පොකුණක් ලඟට එක්ක ගියා..අපි දෙන්නට නිදහසක් ලැබුණ දෙතුන් වතාවක් ම ගිය හින්ද මට ඒ තැන හොදට මතකයි...එයා එක්ක ආදරෙන් තුරැල් වෙලා අපි ගැන විතරක් නෙමේ...හැමදේම ගැන කතා කරපු හැටි මතක් වුණේ ඇස් අගට යන්තම් කඳුලක් මතු වෙද්දි..
"බේබිට මෙතන ගොඩක් හුරුයි වගේ.?.."
මං එයා ලග ඉඳගෙන ඒ උරහිසට ඔලුව බර කරන් කිව්වෙ පොකුණෙ තිබ්බ නිල්පාට වතුරෙ දිලිසෙන ඉර දිහා බලාගෙන..
"හ්ම්..හිත නිවා ගන්න තියන හොදම තැනක් මෙතන..මං හිතේ තියන පීඩනය අඩු කරගන්න එන්නෙ මෙතෙන්ට...දන්නවද මැණික ?..මිනිස්සු තමන්ට stress වැඩි වෙද්දි ඒක අඩු කරගන්න විකල්ප විසඳුම් ඉබේම හොයා ගන්නව..සමහර අය ප්‍රශ්න ආවම සින්දු අහනව...සමහර අය තමන් ආස කෑමක් කනව, සමහර අය තමන් කැමති තැනකට යනව කාලය ගත කරන්න..සමහර අය නිදා ගන්නව...ඒ වගේ පොඩි පොඩි දේවල්වලට පුලුවන් අපේ හිත් හදන්න..ඒව නොදන්න සමහරැ එකම විසඳුම විදියට සූ සයිඩ් කර ගන්නව...."
YOU ARE READING
දෑස නිසා
Non-Fictionප්රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..