දෑස නිසා - 27

1.7K 193 14
                                    

දෑස නිසා - 27

   ටෙලි නාට්‍යය රූගත කිරීම් ගොඩක් දුරට ඉවරයි..ආදරය , පලි ගැනීම, විරහව මේ හැම හැඟීමකින් ම මිනිස්සු අතරට ගිය සාර්ථක නිර්මාණයක් විදියට සමහර ප්‍රවීණ විචාරකයින් හදුන්වල තිබුණත් සමහර ප්‍රවීණ කලාකරුවන්  ආධුනිකයෙක් වුණ මගෙ රඟපෑම් විවෙචනය කරල තිබුණ.......එයාලගෙ තර්කය වුණේ වේදිකා නාට්‍යයක ඉතිහාසයක් නැති මගෙ රඟපෑම් ඒ තරම් සාර්ථක නෑ කියන එක......ඒත් මං ඒ ගැන ලොකුවට හිතන්න ගියෙ නැත්තෙ ඊට වඩා ලොකු ප්‍රශ්නයක් මගෙ ඔලුවෙ තිබ්බ හින්ද...ඒ මාධවී ඩොක්ට....ඔව් ..ඒක මං අකමැතිම දවස...මැඩම් නිර්මාල් බේබි යි මාධවී ඩොක්ටයි ගැන නිල වශයෙන්ම තීරණය ගත්ත දවස..මැඩම්ට කලින් ඉස්සර වුණේ මාධවීගෙ අම්ම යි තාත්තයි...එයාල බේබිලගෙ ගෙදර ඇවිත් මංගල්ලය ගැන කතා කරල ගිය දවසෙ ඉදල බේබියි මැඩමුයි අතර විටින් විට බහින්බස් වීම් ඇති වුණා...

"ලොකු පුතා..ඔයා ඔය ලමය ගැන හිතන්න ...ගෑනියෙක් නැතිව මනුස්සයෙක් ලමය එක්ක තනි වුණා කියන්නෙ ලමයවත් හරියට හදා ගන්න බෑ කියන එක..මාධවී දුව දරැවට කොයි තරම් ආදරේද?...ඔයා හිතන් ඉන්නෙ සදාකාලික ඔහොම ඉන්නද ?..ආ...?"

"අම්මා..මට ආයෙ බදින්න බෑ..කී පාරක් කියන්නද?..පාඩුවෙ ඉන්න දෙන්නකො ..හිතුණොත් මං කොලඹ යනව ට්‍රාන්සර් එකක් හදාගෙන "

  බේබි තරහෙන් කියද්දි මැඩම් හයියෙන් අඩන්න ගත්තෙ ආඩපාලි කිය කියා..ඒ කියවිල්ල මට කාමරේ ඇතුලෙ ඉදගෙනත් හොඳටම ඇහෙනව..ඒ වචනයක් වචනයක් ගාණෙ රිදෙන්නෙ මැඩම්ට නෙමේ මට කියල දන්නවනම්..අසම්මත බැඳීමක් කියන්නෙ දුකක් කියල දැනෙන්නෙ මේ වෙලාවට.. .

"ඔව් ..තාත්ත නැතුව මං තනියම උබල උස් මහත් කරේ ඔය ලොකුකම් බලන්නද?..හොදට උගන්නල උඩට ගියාම උබලට අපිව පේන්නෙ හරි මෝඩයි කියල නේහ්?....අර එකෙක් නාහෙට අහන්නෙ නැතුව එකියක් උස්සන් ආව..දැන් උබ?..මට නම් මැරෙනකම් සැනසීමක් නෑ..ඇයි පුතේ උබල මට මෙහෙම කරන්නෙ?"

  මැඩම්ගෙ අඳෝනාව ට දේශාන් බේබිගෙ කට වහන්න බැරි වුණාට නිර්මාල් බේබිගෙ කට වහන්න පුළුවන්. එයා ගෙ සද්දෙ ඇහෙන්නෙම නැති තරම්..මැඩම් නොකඩවා කියවන අඳෝනාව පැය බාගයක් විතර මං අහන් හිටියෙ ඇද උඩට වෙලා..බේබිට මගෙන් ඈත් වෙන්න වෙයි කියල හිතනකොට පපුව රිදෙනව..මෙච්චර කාලයක් ඒ ගැන නොහිතුව ට දැන් හිතන්න වෙනව..

දෑස නිසාWhere stories live. Discover now