බේබි සාලෙ සෝපා එකේ ඉඳගෙන ටී වී එක දාල බලනව..මගෙ පපුව හයියෙන් ගැහෙනව..එයා ට මොනවද හිතෙන්නෙ ඇත්ද.මං එක්ක කොයි තරම් කාලයක් නිමේෂ් එක කාමරේ හිටියද ..ඒත් නිමේෂ් තනියම ආදරේ කරපු එකට මං වැරදි වෙන්නෙ කොහොමද...බේබිට මාව සැක ඇති කියල හිතෙද්දි මගෙ හිතට දානුණෙ කියාගන්න බැරි තරම් අවුලක්. ඇස්වලට කදුලු පිරෙද්දි මං හෙමිහිට ගිහින් බේබි ලගින් ඉඳගත්ත..බේබි මං දිහා නොබල ටී වී එක දිහා බලන් හිටියෙ අවුලෙන් වගේ.හැමෝම නිදි හින්ද සාලෙ ලයිට් ඕෆ් කරල..ටී වී එකේ එලිය සාලෙ පුරාම විහිදි තිබ්බ හින්ද මට එයාගෙ මූණ හොඳට පේනව....එයා අවුලෙන් වගේ දැක්කම මගෙ පපුව ගැහෙන වේගෙ තවත් වැඩි වුණා..
"බේබි...මං දන්නෙ නෑ ඌ එහෙම දෙයක් හිතේ තියන් හිටිය කියල..ඌ ..ඌ..ශිට්..මෙච්චර මාස ගානක් එක කාමරේ ඉදල අඩුම තරමෙ මට කිසිම දෙයක් පෙන්නල වත් නෑ.කියලත් නෑ....අපි අතර කිසි දෙයක් වුණේ නෑ බේබි..අඩුම තරමෙ මං වැරදි හිතකින් ඌ දිහා බලලවත් නෑ....මට ඌව ඒ විදියට දැනිලත් නෑ.."
මං කලබලෙන් කියවන් ගියාට බේබි පාඩුවෙ ටී වී එක බලනව...මට දුකයි තරහයි දෙකම..අඩුම තරමෙ එයාට එක වචනයක් කතා කරන්න බැරිද..මං බේබිගෙ උරහිසට අත තියල හෙලෙව්වෙ ඒ ආපු දුකත් එක්කම...
"බේබි..ඔයාට මං කියන දේ ඇහෙනවද?...කතා කරන්නකො අප්ප..එහෙම මඟුලක් අපි අතර නෑ...තේරෙන්නෙ නැද්ද?....ඌ හිතේ තියන් හිටිය කියල මං දන්නෙ නෑ .."
මට කතා කරගන්න බෑ... ඇඩෙන්න එනව..ඒත් බේබි පිළිමයක් වගේ ටී වී එක දිහා බලන්..
"බේබි ..කතා කරන්නකො..මොකක්ද වෙලා තියෙන්නෙ ...?"
මගෙ ඇස්වලින් කදුලු කැට වැටුණෙ එයාගෙ මුනිවත හින්ද..බේබි එකපාරටම නැගිටල ටී වී එක ඕෆ් කරල ආයෙම කාමරේට යද්දි මං බලන් හිටියෙ බොද වුණ ඇස්වලින්..මේ තරම් කාලයක් ඉදල බේබි කවදාවත් මාව මේ විදියට සැක කරල නෑ .මට මං ගැනම දැනුණෙ ආත්මානුකම්පාවක්....ඉකිගැහෙනව..මං ටිකක් වෙලා ඉදල කාමරේට යද්දි බේබි ඇදේ හාන්සි වෙලා ඇස් පියන්...මං එහෙමම ඇදට නොයා කාමරේ තිබුණු මෙට්ටෙ බිමට දාල නිදාගත්තෙ ඇස්වලින් හිතුවක්කාර කදුළු බිමට පනිද්දි....
YOU ARE READING
දෑස නිසා
Non-Fictionප්රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..