"මොකද මල්ලි තමුසෙට වෙලා තියෙන්නෙ?"
නිර්මාල් බේබි...ඇති යන්තම්...දේශාන්ගෙ අත මගෙ බෙල්ලෙන් අයින් වුණේ හෙමීට..මට දැනුණෙ ලොකු සනීපයක්..දේශාන්ගෙ මූණ අබ දැම්මොත් පුපුරන සයිස්..නිර්මාල් බේබි අපි ලගට ආවෙ හැමෝම අතර තත්පර ගාණක නිශ්ශබ්දතාවයක් තියෙද්දි..
"මොකක්ද මේ කරන්නෙ...?"
නිර්මාල් බේබි දේශාන් දිහා බලන් ඇහුවෙ නලලත් රැලි කරන්...එයාගෙ මූණ සම්පුර්ණ ප්රහේලිකාවක් වගේ ...ඒත් මගෙ පපුව වේගෙන් ගැහෙනව...එයා ආපු හින්දද මන්ද..
"මේන්.?..මේ තියෙන්නෙ මුගෙ කෙරැවාව.."
දේශාන් පෝන් එකේ මගෙ පොටෝ එක අරන් නිර්මාල් බේබි ඉස්සරහට දික් කරගෙන..බේබි පෝන් එක අතට අරන් ඒක දිහා ටිකක් වෙලා බලාගෙන හිටිය...මං බලන් හිටියෙ එයාගෙ ඇස් දෙක දිහා..ඒ මූණ මොන විදියෙ වෙනසක් වෙයිද...දැන්නම් හාර්ට් එක එලියට පනින්න වගේ...එයා මාව වැරදියට තේරැම් ගනීද..මං විතරක් නෙමේ...හැමෝම එයාගෙ මූණ දිහා බලන් හිටියෙ විනිශ්චයක් දෙනකම් වගේ...බේබි පෝන් එක අතේ තියාගෙන ම හැරැණෙ මං දිහාට..
"මොකක්ද මේකෙ තේරුම..?"
බේබි මං දිහා බලන් අහද්දිම මට කලින් මැදට පැන්නෙ දිල්කි..
"ලොකු අයියෙ...අහස්ගෙ වැරැද්දක් නෑ..අපි තමයි එයාව බලෙන් අරන් පොටෝ ගැහුවෙ..අනේ ලොකු අයියෙ...අහස් වැරදි නෑ.."
දිල්කි බේබිගෙ අතේ එල්ලිල කියවද්දි බේබිගෙ ඇස් එක එල්ලේ හැරිල තිබ්බෙ මං දිහාට.ඒ ඇස්වල තිබ්බෙ තරහක් ද, කුතුහලයක් ද ,තේරැම් ගැනීමක් ද කියල හිතාගන්න බෑ....මං කදුලු පිරැණු ඇස්වලින් එයා දිහා බලන් හිටිය...දේශාන්ගෙ කම්මුල්පාරටවත් වචනවලටවත් මට පොඩ්ඩක්වත් දුක හිතුණෙ නෑ..ඒත් බේබිගෙ එක බැල්මට පුලුවන් මගෙ පපුව පුච්චන්න...
"අහස්.?..ඇත්තද මේ කියන එක ?"
බේබි එහෙම අහද්දි නම් ගොඩක් දුක හිතුණ..ඒ ප්රශ්නෙ අහන්න හරි එයා මාව සැක කරල කියල මට හිතුණෙ ..
"ඔව් බේබි ..."
"එහෙනම් තමුසෙ කාමරේට යනව ..මං මේක විසඳන්නම් "
YOU ARE READING
දෑස නිසා
Non-Fictionප්රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..