මුලු රෑම නින්දක් නැතිව හිටපු හින්ද මට දැනුණෙ ඔලුව බර ගතියක්...නැගිටින්න තරම් ගතටයි හිතටයි දෙකටම වාරැවක් නෑ..මගෙ ජීවිතේ අකමැතිම දවස අද...ආදරවන්තයෙක්, තාත්තෙක් , යාලුවෙක් , සහෝදරයෙක් විදියට මගෙ හීන සැබෑ කරපු මට අයිති ආදරේ අද වෙන කෙනෙකුට අයිති වෙනව..යන්නත් බැරි නොයා ඉන්නත් බැරි ගමනක්..මං නැගිටින්නෙ නැතුව ටික වෙලාවක් හිටියෙ ඇස්වලින් බේරුණු උණූ කදුලුවලට යන්න දීල..
"පුතා....ඔයා අපිත් එක්කම යනවද ?"
ආන්ටි දොර ලගට ඇවිත් තට්ටු කරන හින්ද මං නැගිටල කදුලු පිස්සෙ දොර ලඟට යන ගමන්..
"ආන්ටි ..මං එනකම් ඉන්න එපා ඔයාල යන්න.."
"හරි එහෙනම් අපි පොඩි පුතාව එක්කන් යන්නම් "
"හා ආන්ටි..මං පස්සෙ එන්නම්..නිමේෂ් එක්ක"
ආන්ටි 'පොඩි පුතා' කිව්වෙ මල්ලිට...මං ආයෙම ඇද උඩට වැටුණෙ කකුල් දෙකත් පණ නැති වෙද්දි..මං කොහොමද ඒ මොහොතට මූණ දෙන්නෙ ..නොයා හිටියොත් අවුලක් වෙයිද...බේබි මට බල කරල එන්න කිව්වෙ නෑ...අඩුම තරමෙ එන්න එපා කියලවත් කිව්වෙ නෑ..පිස්සු වගේ.පපුව පැලෙන්න එනව.මන්දාරා බේබිගෙ අතින් අල්ලන් ඉන්නව මැවිල පේද්දි මට ආයෙම ඇස් පියන් ඒක අමතක කරන්න මහන්සි වුණේ ඉකිගැහෙන්න ආපු හින්ද..
උදේ ම ආන්ටියි අංකලුයි මල්ලි එක්ක එයාලගෙ වාහනේ පිටත් වුණා..
"සර් ...නවයටත් ලඟයි..දැන්ම ගියෙ නැත්තම් අපිට රිහෙසල් වලට එන්න බැරි වෙයි "
නිමේෂ්ගෙ කටහඬත් දැන් මට වදයක් .. දොර ලග ඉදන් එලාම් එක වගේ සැරින් සැරේ මතක් කරනව..ඒත් නිමේෂ්ට වෙනසක් පෙන්නන්න බෑ..ඒ හින්දම මං ඇදෙන් නැගිටල ඇවිත් ලෑස්ති වුණා..බේබි මට අරන් දීල තිබ්බ මෙරැන් පාට ශර්ට් එක...ඒක එයා අරන් දුන්නෙ පාර්ටි එකකට යන්න..ශර්ට් එක දිහා බලන් ඉද්දි මගෙ ඇස් ආයෙම තෙත් වුණේ එයා ඒක තෝරපු හැටි මතක් වෙද්දි..
( ep 30න්)
{{{{ "බේබි මේක කොහොමද ?"
මං ඇහුවෙ ලා පාට ටී ශර්ට් එකක් පෙන්නන ගමන්.බේබි ලගට ඇවිත් ටීශර්ට් එක අතට අරන් හොදට හරවල බැලුව..
YOU ARE READING
දෑස නිසා
Literatura Faktuප්රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..